Aug 29, 2021

කිරිබත්ගොඩ නිකායේ නෙළුම් රුවන්වැලිසෑයෙන් හැලෙයි (ඡායා)

මෑතකදී සිදුකළ ප්‍රතිසංස්කරණ වලින් රුවන්වැලිසෑයේ ප්‍රධාන පිවිසුමේ ඉදිකර ඇති වාහල්කඩට අලුතින් එක්කර තිබූ නෙළුම් මල් ආශ්‍රිත කැටයම් ඉවත්කර නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කර තිබේ.

 
එහි මෙතෙක් දක්නට නොලැබුණු කැටයම් කිහිපයක් එකතු කර රුවන්වැලිසෑය විකෘති කරමින් සිටින බවට මුලින්ම තොරතුරු හෙළිකරනු ලැබුවේ "ශ්‍රී ලංකා මිරර්" අප වෙබ් අඩවිය විසිනි.
 
මීට පෙර එම වාහල්කඩේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ වෙනම නිකායක් පවත්වාගෙන යන බවට චෝදනා එල්ලව ඇති හිමිනමකගේ පන්සලක් තුළ දක්නට ලැබෙන නෙළුම් මල් ආශ්‍රිත කැටයම් කිහිපයක් නෙලා තිබිණි.

අදාළ නිකායට අයත් පාර්ශවයකින් මේ ප්‍රතිසංස්කරණ සඳහා මූල්‍ය ආධාර ලැබීම නිසා මේ කැටයම්ද ඒ සඳහා එක්ව ඇති බව රාවයක් අති බවද අප හෙළි කළේය.
WhatsApp Image 2021 08 29 at 9.44.12 AMWhatsApp Image 2021 08 29 at 9.44.13 AM
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top