Sep 24, 2021

ජනපති හා ආර්යාව 9/11 සමරුවට පුෂ්පෝහාර දක්වති

අමෙරිකාවේ වොෂින්ටන් සහ නිව්යෝර්ක් නගර ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට විසි වසරක් පිරීම නිමිත්තෙන් අමෙරිකාවේ මෑන්හැටන්හි අනුස්මරණ ස්මාරකය අභියස සංවිධාන කර තිබූ විශේෂ සැමරුමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා ජනපති ආර්යාව අයෝමා රාජපක්ෂ මහත්මිය පසුගියදා සහභාගී විය.
 
2001 වසරේ සැප්තැම්බර් 11 වන දින නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ වොෂින්ටන්හි පිහිටි එක්සත් ජනපද හමුදා මූලස්ථානය වූ පෙන්ටගනය ඉලක්ක කර ගනිමින් මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය.
 
එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව, එක්සත් ජාතීන්ගේ ත්‍රස්ත විරෝධී කාර්යාලය සහ සැප්තැම්බර් 11 අනුස්මරණ කෞතුකාගාරය එක්ව සැමරුම් වැඩසටහන සංවිධාන කර තිබිණි.
242153643 2009583822540256 3974164646086050496 n242748422 2009583842540254 7289158601564298698 n242709793 2009583875873584 6963154966045078619 n242126089 2009583895873582 1954895068858049851 n242211691 2009583869206918 8839130366553669843 n
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top