එම ග්‍රහවස්තු ළඟින් නිරීක්ෂණය කිරීමට අපට නොහැකි වුවත්, ඊට බෙහෙවින් සමාන අනුරූ අප නිවෙසටම ගෙන්වා ගැනීමට මේ වන විට හැකියාවක් පවතියි.
පල්සර් මූන්ලයිට් නම් සමාගම විසින් සඳ හා ග්‍රහවස්තු වල අනුරූ ලෙස නිපදවන ලාම්පු පහත දැක්වේ.
මෙම අපූරු ලාම්පු නිපදවනු ලබන්නේ රෝමයේ වෙසෙන ඉතාලි ජාතික තාරකාභෞතිකවිද්යාඥවරියක් වන මරියා එලේනා විසිනි.
නාසා ආයතනය විසින් නිකුත් කරන ග්‍රහවස්තු වල ඡායාරූප නිරීක්ෂණය කරමින් ඊට බෙහවින් සමාන ලෙස මෙම ලාම්පු නිර්මාණය කිරීමට ඇය සමත් වේ.
ඉවත ලද ලද garden globes මත විෂ නොවන තීන්ත යොදාගනිමින් ඇය විසින් මෙම ග්‍රහවස්තු වල අනුරූ නිර්මාණය කරයි. එක් සඳකට තීන්ත කට්ටු 6ක් පමණ ගල්වන බවත්, සඳක් නිර්මාණය කර අවසන් කිරීමට පැය 4-6ක් අතර ගතවන බවත් ඇය පවසයි. “ග්‍රහලෝක නිර්මාණය කරන්න යන කාලය වැඩියි. මොකද කිව්වොත් ඒවාට ඕන තීන්ත තට්ටු ගණන වැඩියි සහ සමහර තැන් වල තීන්ත වේලෙන්න වෙලා යන නිසා,” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අයුරින් ඇය සඳෙහි රුව මෙන් බ්‍රහස්පති, අඟහරු හා නෙප්චූන් වැනි ග්‍රහලෝක ද නිර්මාණය කරයි.
සත්ත්ව පුණ්‍යායතන වලට මුදල් රැස්කිරීමට ක්‍රමවේද පිළිබඳ සිතමින් සිටින අතරතුරේදී තමාට මෙම අදහස පහළ වූ බව මරීයා කියා සිටියි.
“අවුරුදු දෙකක ඉඳන් මේ වෙනකන් මම උපයපු හැම සතේම පුණ්‍යායතන වලට දුන්නා. ඕනෑම සත්ත්ව විශේෂයකට උදව් කරන්න මම උත්සහ කළත් තවමත් බේරගන්න පුළුවන් වුනේ බල්ලොයි පූසොයි විතරයි,” ඇය වැඩිදුරටත් පවසයි.
(ඡායාරූප : බෝර්ඩ් පැන්ඩා)