වස විස නැති ආහාර වේලක්, පානයට පිරිසිදු ජල බිඳක් මෙන්ම පරිසරය සුරකින හෙට දවසක් උදා කරලීමට අනාගත පරපුර සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ අරමුණවේ.
රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලීක අංශයේ ප්‍රදර්ශන කුටි සහ අළෙවි සැල් 1000 කට ආසන්න සංඛ්‍යාවකින් තිරසර ලංකා ජාතික ප්‍රදර්ශනය සමන්විතවේ.
වස විස නැති ආහාර, හරිත බලශක්තිය, සෞඛ්‍ය සායන, පෝෂණ හා සූපවේදී උපදෙස්, ළමා හා කාන්තා උපදේශන සේවා, සිනමා සහ කලා නිර්මාණ යන ප්‍රදර්ශන කුටි රැසක් මෙම භූමියට පැමිණෙන ඔබට දැක බලා ගත හැකිවේ.