සාමාන්‍යයෙන් දොදොල් අලෙවි කරනුයේ තැටි වල දමා වුවත්, මේ දින වල බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා භූමියේදී පැවැත්වෙන 'තිරසර ලංකා' දැවැන්ත ප්‍රදර්ශනයේදී තරමක් වෙනස් ආකාරයට ප්‍රදර්ශනය කර තිබූ දොදොල් දක්නට ලැබුණි.
තැටි වල දැමීම වෙනුවට එම දොදොල් කොළපත් වල ඔතා තිබේ. මෙම ක්‍රමවේදය වර්තමානයේදී සුලභව දක්නට නොලැබුනත්, එය දිවයිනේ දකුණු ප්‍රදේශයේ විශේෂයෙන් හම්බන්තොට ප්‍රදේශයේ සුලභව යොදාගත්තකි. කුණු, දූවිලි ඇතුළු දෑ වලින් මෙම නිෂ්පාදනය ආරක්ෂා කරන මෙම ආවරණය ස්වභාවිකව දිරාපත් වන බැවින් පරිසර හිතකාමී ද වේ.
එමෙන්ම කිලෝ 1, ග්‍රෑම් 300, ග්‍රෑම් 500 යන ප්‍රමාණවලින් ලබාගත හැකි සාමාන්‍ය කැකුළු සහලෙන් නිෂ්පාදිත දොදොල් වලට අමතරව කහවනු සහල් හා කිතුල් පැණි ආශ්‍රිතව නිෂ්පාදනය කර ඇති විශේෂ දොදොල් වර්ගයක් ද මෙහි දී අලෙවි වේ.
සිය නිෂ්පාදනය පිළිබඳව ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත අවිස්සාවේල්ලේ රුවිනි රසකැවිලි හි අශෝක මහතා අදහස් දක්වා සිටියේ මෙසේය.
