Apr 03, 2017

රූපවාහිනිය තරු එක්ක වත්තලදී අවුරුදු කයි

ජාතික රූපවාහිනියේ කාලීන සිදුවීම් ඒකකය මගින් සංවිධානය කළ 'තරු සමඟ අවුරුදු' විශේෂ අවුරුදු උත්සවය පසුගිය 28 වන දා වත්තල  Pegasus Reef හෝටලයේ දී පැවැත්විණි.
මේ සදහා රංගනශිලිපීන් සහ ශිල්පිනියන්,දේශපාලකයන් ,ක්‍රීඩක ක්‍රීඩිකාවන් ,ගායක ගායිකාවන් වැනි ක්ෂේත්‍රගණනක් නියෝජනය කරන බොහෝ පිරිසක් සහභාගි විය.
 
ඉතා උත්කර්ෂවත් අයුරින් පැවති මෙම අවුරුදු උත්සවය සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන අවුරුදු ක්‍රීඩා ගණනාවකින් සමන්විත විය.

ඉතා විනෝදාත්මක අයුරින් පැවති වැඩසටහන අප්‍රියෙල් 13 වන බ්‍රහස්පතින්දා සවස 04.00 සිට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.

ජාතික රූපවාහිනියේ ප්‍රධාන අවුරුදු උත්සවය මෙවර අගුණකොළපැලැස්සේදී පැවැත්වෙන අතර ද්‍රවිඩ චාරිත්‍රානුකූලව පැවැත්වෙන අවුරුදු උත්සවය උතුරු පළාතේ දී පැවැත්වේ.
Tharuau 670px 03 04 17
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top