Feb 04, 2022

බීජිං ඔලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි (ඡායා) Featured

වසර 2022 බීජිං ඔලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (04) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි. 
 
බීජිංහි පිහිටි බර්ඩ්ස් නෙස්ට් ක්‍රීඩාංගනයේ පැවති මෙම සමාරම්භක උත්සවයට සහභාගී වූ චීන ජනාධිපති ෂී ජින්පිං විසින් උත්සවයේ සමාරම්භය සනිටුවහන් අතර කළේය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයන් මෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපති තෝමස් බාක් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් රැසක් ද මෙම අවස්ථාවට එක්විය.

සමාරම්භක උත්සවය අමතමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ (IOC) සභාපතිවරයා රටවල් වලින්  ඉල්ලා සිටියේ ඔලිම්පික් සටන් විරාමය අනුගමනය කරන ලෙසත්, සාමයට අවස්ථාවක් ලබා දෙන ලෙසත් ය.
 
ක්‍රීඩා හතක් හරහා ඉසව් 109කින් සමන්විත වන බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල පෙබරවාරි 4 - 20 දක්වා ස්ථාන තුනක පැවැත්වීමට නියමිතය. ඒ, බීජිං නගර මධ්‍යයේ,  වයඹදිග බීජිං හි පිහිටි යැන්චිං දිස්ත්‍රික්කයේ සහ බීජිං හි අසල්වැසි හෙබෙයි පළාතේ ජාංජියාකෝව් ප්‍රදේශයේය.

"එක් අනාගතයක් සඳහා එක්ව" (Together for a Shared Future) යන තේමාව යටතේ 2022 බීජිං ඔලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙල පැවැත්වේ.
 
ගිම්හාන සහ ශීත ඔලිම්පික් ක්‍රීඩා දෙකකටම සත්කාරකත්වය ලබාදුන් පළමු නගරය බීජිං නගරයයි. ශීත ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහාද 2008 ග්‍රීෂ්ම ඔලිම්පික් උළෙල සඳහා ඉදිකරන ලද බර්ඩ්ස් නෙස්ට් ක්‍රීඩාංගනය නැවත භාවිතා කරනු ඇත.
 
සමාරම්භක උත්සවය අධ්‍යක්ෂණය කරන ලද්දේ 2008 බීජිං හි සමාරම්භක සහ සමාප්ති උත්සව යන දෙකම අධීක්‍ෂණය කළ, ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත වූ සිනමා ඡායාරූප අධ්‍යක්ෂකවරයෙකු වන ජාං යීමෝ Zhang Yimou විසිනි.
 
2022 බීජිං ඔලිම්පික් ශීත ඍතු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ වර්ණවත් අවස්ථා කිහිපයක් පහත දැක්වේ.
 
(ඡායා : ෂින්හුවා පුවත් ඒජන්සිය)

202202049a5569ce12964258940ade9104056c3a wJvwiahnWviND7kz.jpg202202049a5569ce12964258940ade9104056c3a DckVNKokbFGDyh3u.jpg202202049a5569ce12964258940ade9104056c3a dvreM6exRqJxpdcX.jpg61fd38f8a310cdd3d82b0b14e0bfbed4f18c4414b0fe755af6166a8a.jpg1f885b54e7344b0cafebbb7b0e5a538d.jpgb7be7a9ecdf24ec39557776fc99cd418.jpg copyPhotoSM24e695cdf40740e1a757599d89653003.jpg31f4a9d237214d88ab6ba92717ed0e7c.jpgOlympic 800px 22 02 042e3b7a0ad831445c914bd444c993d1e5.jpg9fab4e50a9c940f58a004e6982e1efcf.jpg

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top