එම ඡායාරූප අතරින් වඩාත් හදකම්පා කරවන ඡායාරූපය වූයේ මරණයට පත්වූ සිය නවමස් නිවුන් දරුවන් අතැතිව ශෝකයෙන් මිරිකී සිටින පියෙකු ගේ ඡායාරූපයකි.
ඔහු අබ්දුල් හමීඩ් යූසෆ් ය.
පසුගිය අඟහරුවාදා දින ඔහු ජීවත්ව සිටි Khan Sheikhoun නම් නගරයට ගුවන් ප්‍රහාරයක් එල්ල විය. එහෙත් එය සාමාන්‍ය ගුවන් ප්‍රහාරයක් නොවීය.
කැරළිකරුවන් ගේ බලප්‍රදේශයක් වන මෙහි සිටි බොහෝ පුද්ගලයන් නිදාසිටියදී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කර ඇති බවට මේ වන විටත් සිරියානු ජනපති බෂාර් අල්-අසාද් චෝදනා ලැබ සිටියි.
මෙම චෝදනා ප්‍රතික්ෂේප කර සිටින සිරියානු හමුදාව මෙම ක්‍රියාව පසුපස කැරළිකරුවන් ඇති බවට චෝදනා කරයි.
වසර ගණනකදී සිරියාවේ සිදුවූ දරුණුම රසායනික අවි ප්‍රහාරය විය හැකි යැයි පැවසෙන මෙම ප්‍රහාරයෙන් මේ දක්වා 70 දෙනෙකුට අධික පිරිසක් මියගොස් ඇතැයි එරට සිටින ක්‍රියාධරයන් පවසයි.
යූසෆ් ට එදින අහිමි වූයේ යුද්ධයේ කෘරත්වය පිළිබඳ කිසිවක් නොදැන සිටි එම දරු දෙදෙනා පමණක් නොවේ. ඔහුට එදින සිය බිරිඳ, සිය සහෝදරයන් ඇතුළු ඥාතීන් 25 දෙනෙකු අහිමි විය.
මේ ඔහු ගේ කතාවයි.
“මම තද නින්දෙන් ඇහැරුණා. මට හුස්මගන්න අමාරු වුණා. මං ඇඳෙන් පැන්නා මගෙ දරුවො දෙන්නා හොඳින් ද බලන්න. ඒ දෙන්නව බිරිඳ අතට දීලා මං කිව්වා ගේ ඇතුළට වෙලා ඉන්න කියලා. මං දිව්වා එහාපැත්තේ අපේ අම්මලා ගෙ ගෙදරට. මගේ සහෝදරයො දෙන්නා ඒ වෙද්දි මැරිලා හිටියා. මං ආයෙත් ගෙදරට දුවං එද්දි එයාලා බිම වැටිලා හිටියා. එයාලාගෙ කටින් සෙම දාලා එයාලා ගැහිගැහි හිටියෙ. මගෙ දරුවො දෙන්නා - අහ්මඩ් හා අයා… මගේ බිරිඳ ඒ හැමෝම මරාදාලා… මගේ මුළු පවුලම නැති වුනා…”
(සීඑන්එන් පුවත් සේවය ඇසුරෙනි)
(ඡායා : ඩේලිමේල්)

