Mar 24, 2022

ජන බලය ජන ගඟක් නුගේගොඩට කැන්දයි! (ඡායා) Featured

‘ජන පීඩක ආණ්ඩුව පලවා හරිමු, 74 වසරක ශාපය නිමා කරමු’ ඇතුළු සටන් පාඨ කිහිපයක් පෙරටු කරගෙන සිදුකළ ජාතික ජන බලවේගයේ ජනබල විරෝධය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (23) නුගේගොඩදී පැවැත්විණි.

පස්වරු 3.00ට දෙල්කඳ හන්දියෙන් පෙළපාළිය ආරම්භ කර නුගේගොඩට පැමිණ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී රැලිය පවත්වනු ලැබිණි.

මෙම සමුළුවට ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නායකයන්, සාමාජිකයන්, වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, සිවිල් හා බහුජන සංවිධාන සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

“සෞභාගේ රෙද්ද පල්ලෙන් බේරෙනවා, එපා එපා - තවත් එපා බොරු රැවටිලි, ජන පීඩක ආණ්ඩුවම - පන්නා දමමු, නම්බු පිටින් ගියෙ නැත්නම් - අපි ඇවිදින් එළවනවා, රට හදනා බලවේගේ ජාතික ජන බලවේගේ, ඉන්ධන මිල - අහස උසට, තෙල් පෝලිම ඇදෙයි දිගට, බඩට කන්න - බත් ටික නෑ” ඇතුළු සටන් පාඨ හඬනඟා කියමින් උද්ඝෝෂකයෝ පෙළපාළියේ ගමන් කළහ.

මෙම විරෝධතාව හේතුවෙන් නුගේගොඩ කොට්ටාව හා නාවල මාර්ග අවහිර වූ අතර ඒ නිසාම රථ වාහන රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කිරීමටද සිදුවිය.

ඡායාරූප - රවීන්ද්‍ර පුෂ්පකුමාර

NPP3

NPP2

NPP5

NPP4

NPP1

 

 

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top