Jun 02, 2022

කැන්ගරුවෝ ගුවන් යානා තුනකින් ලංකාවට! (ඡායා)

ක්‍රීඩකයන් 21 දෙනකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගුවන් යානා තුනකින් අද (02) පැමිණියහ.

මෙම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටි බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළ සහ ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි ලෙස තර කොට තිබූ බව පැවසේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ශ්‍රී ලංකාව තුළ මාස එකහමාරකට වැඩි කාලයක් රැඳී සිටින අතර එම කාලය තුළ ටෙස්ට් තරග 02 ක්, සීමිත පන්දුවාර එක්දින තරග 03 ක් සහ පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරග 03 සදහා සහභාගී වීමට නියමිතය.

Aussie2

Aussie1

Aussie3

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top