Jun 06, 2022

කැබලිත්ත, කොටගල වන සංහාරය - විල්පත්තුව මෙන් 20 ගුණයක විනාශයක්! (ඡායා) Featured

කැබලිත්ත , කොටියාගල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතය දීර්ඝ කාලයක සිට ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ සහ රාජ්‍ය නිලධාරින්ගේ ද සහාය ඇතිව සිදුවන මහ පරිමාණ වන විනාශයක් පිළිබඳ පුවතක් වාර්තා වේ.

විජිත් විජිතමුණි ද සොයිසාගේ සිට ශෂේන්ද්‍ර රාජපක්ෂ දක්වා පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ අනුදැනුම සහ සහාය ඇතිව මේ වනවිට විල්පත්තුවේ සිදු වූ අක්කර 3000ක වන වගා විනාශය මෙන් 20 ගුණයකට වැඩි විනාශයක් කැබලිත්තට සිදු ව ඇති බව වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ මහතා පවසයි.

මෙවන් රාජ්‍ය පරිපාලනයකට රක්ෂිත කොටස අයත්ව තිබුණ ද ඉතා සූක්ෂ්ම ලෙසින් ඉඩම් බලපත්‍ර හා ඔප්පු නිකුත් කිරීම සිදුවන බවද වාර්තා වේ.

ඉහත තත්ත්වය යටතේ 3000කට ආසන්න ගොවියන් හා ව්‍යාපාරිකයින් ලෙස පෙනී සිටින පිරිස් වෙත ඉඩම් බෙදාදීම පිණිස කිසිවක් සොයා නොබලා අක්කර 25,000 ක් රක්ෂිත ප්‍රදේශවලින් ඉවත්කර සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් වෙත පවරා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

රජයේ ඉඩම් ආඥා පනත ප්‍රකාරව රජයේ ඉඩම් අක්කර 2කට වඩා ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර ඒ අනුව ගොවිතැන සඳහා ඉඩම් දුප්පත් ගොවියන්ට ලබාදුන්නේ නම් අවශ්‍ය වන්නේ අක්කර 6000කට ආසන්න ප්‍රමාණයක් බව වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය පෙන්වා දෙයි.

නමුත් මේවන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහ පරිමාණ ව්‍යාපාරිකයින් අක්කර 20 - 100 දක්වා ඉඩම් අල්ලා ගැනීම ක්‍රමිකව නතරකර, අදාළ රක්ෂිත සංරක්ෂණය කිරීම සඳහා කටයුතු යොදා ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Kabilitha1 670px 22 03 06Kabilitha2 670px 22 03 06Kabilitha3 670px 22 03 06Kabilitha4 670px 22 03 06

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top