නූබියනු එළුවෙකු වන ඔහුගේ නම සිම්බාය. සවහිලී බසට අනුව සිම්බා හි අරුත සිංහයා යන්නයි.
සති දෙකක් වයසැති සිම්බා, මේ වන විටත් ලොව පුරා ජනප්‍රිය වී අවසන්ය. අඟල් 19ක් දිගැති සිම්බාගේ දෙකන්, ඔහු ඇවිදින විට බිම දිගේ ඇදෙයි.
කරච්චි නුවර එළු ගොවිපොලක උපන් සිම්බාගේ අයිතිකරු - මුහම්මද් හසන් නරේජෝ මාධ්‍ය වෙත පවසා ඇත්තේ සිම්බා ලෝක වාර්තාවක් තබනු ඇතැයි ඔවුන් සිතන බවයි.
(ඡායා : ඩේලි මේල්)