කාන්තා ඒකල නිදහස් ඉසව්වේ අවසන් තරගයට සහභාගී වෙමින් සිටි ඇය, පිහිනුම් තටාකය තුළ සිටියදී ක්ලාන්ත වී ඇති තටාකය යටට කිඳා බැස ඇත.
ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඇගේ පුහුණුකාරිය වන ඇන්ඩ්‍රෙයා ෆුඑන්ටෙස් පිහිනුම් තටාකයට පැන ඇයව ගොඩට ගෙන ආ අතර, ඇයට තවත් පිහිනුම්කරුවෙකුගේ සහයද ලැබුණි.
වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව අල්වාරෙස් මේ වන විට සුවෙන් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකානු පිහිනුම් කණ්ඩායම පවසා තිබේ.
පසුව ස්පාඤ්ඤ ගුවන්විදුලියට අදහස් දක්වමින් ඇන්ඩ්‍රෙයා පවසා තිබුණේ මෙසේය : "ඒ මොහොත මට දැනුනේ පැයක් වගේ... මං කිව්වා කුමක් හෝ හරි නැහැ...වතුරට බහින්න කියලා මං ජීවිතාරක්ෂකයින්ට කෑ ගැහුවා.. ඒත් ඔවුන්ට එය ඇහුනේ නෑ හෝ තේරුනේ නැහැ... ඇය හුස්ම ගනිමින් සිටියේ නෑ. ඔලිම්පික් අවසන් තරඟයකදී වගේ මං පුළුවන් තරම් ඉක්මනින් ඇය වෙත ගියා..."
පසුගිය වසරේදී ස්පාඤ්ඤයේ බාසිලෝනා හිදී පැවති ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ද ඇනීටා පිහිනුම් තටාකය තුළදී ක්ලාන්ත වූ අතර, එම අවස්ථාවේදීද ඇයව බේරාගෙන තිබුණේ සිවුවරකදී ඔලිම්පික් පදක්කම් ලාභිනියෙකු වූ ඇන්ඩ්‍රෙයා විසිනි.
බුඩාපෙස්ට් හිදී ඇන්ඩ්‍රෙයා විසින් ඇනීටා ව බේරාගත් අයුරු විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරා කාච වල සටහන් වී තිබුණේ මේ අයුරිනි.
(ඡායා : ඩේලිමේල්)