Apr 22, 2017

මීතොටමුල්ල එදා - අද ඡායාරූප සංසන්දනයක්

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමට වසර දෙකකට පෙර  (2015) ගූගල් සිතියම් වෙනුවෙන් ලබාගත් ඡායාරූප හා පසුගිය ජනවාරි 15 වැනිදා එම කුණු කන්ද කඩාවැටීමෙන් පසුව ගත් ඡායාරූප සංසන්දනාත්මක පෙළගැස්මක් ජායාරූප ශිල්පී සංඛ විදානගම විසින් සිදුකර තිබේ.

පහත දැක්වෙන ඡායාරූපවල වම් පස 2015 දී ගූගල් සිතියම් සඳහා ලබාගත් ඡායාරූපයත් දකුණු පස කුණු කන්ද කඩා වැටීමෙන් පසුව සංඛ ලබාගත් ඡායාරූපයත් දැක්වේ.

මෙම කුණු කන්ද ශ්‍රී ලංකා වාසීන් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමරමින් සිටියදී ඉකුත් අප්‍රේල් 14 වැනිදා කඩා වැටුණි.

ඉන් මේවන විට මියගිය ගණන 31ක් බව වාර්තාවන අතර පොලිස් වාර්තාවලට අනුව නිවාස 145ක් පමණ අනතුරට ලක්ව පවුල් 180ක පුද්ගලයෝ 625ක් අවතැන් වූහ.

ඡායාරූප - ගූගල් / සංඛ විදානගම

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top