Jul 02, 2022

රළු වූ මුහුදු රළ ගොඩබිමට එයි (ඡායා)

දැඩි සුළඟත් මුහුදේ කැළඹිලි ස්වභාවයත් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මුහුදු රළ ගොඩට ගසා ඇති බවට වාර්තා වෙයි.

දෙහිවල, අම්බලන්ගොඩ සහ ගාල්ල යන ප්‍රදේශවල ස්ථාන කිහිපයකින් එලෙස මුහුදු රළ ගොඩට පැමිණ ඇත.

ඒ අනුව ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට අකුරල, කහව, තෙල්වත්ත යන ප්‍රදේශවලින් ද මුහුදු රළ ගොඩට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.

මේ තත්ත්වය නිසා පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ගැන අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව අදාළ නිවේදනය කරයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු සිට ඉතා රළු දක්වාවූ ස්වභාවයක් ගන්නා බවද සඳහන් කරයි.

ඉහතින් දක්වා ඇති ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් හෝ 3.5ක් පමණ ඉහළයෑමේ හැකියාවක් පවතින බවට වැඩිදුරටත් දැක්වෙයි.
 
(ඡායා -Accident 1st)
 
sea5
 
Sea4
 
Sea3
 
Sea2
 
Sea1
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top