Aug 08, 2022

ෂැන්ඩොං හි ආවේනික මුහුදු පැලෑටි බංගලා! (ඡායා)

නැගෙනහිර චීනයේ ෂැන්ඩොං පළාතේ වෙරළබඩ ගම්මාන අතර වේහයි හි ඇති ලිඩාඕ (Lidao) නගරයේ ඩාජුආංග්ෂූජියා (Dazhuangxujia) ගම්මානය විශේෂ එකකි.

ඒ, එම පෙදෙසට ආවේණික දේශීය නිවාස තවමත් එහි ඇති නිසාය. 

මේ නිවාසවල විශේෂත්වය වන්නේ එහි වහලවල් සාදා ඇත්තේ වියලන ලද, ගොඩගැසූ මුහුදු පැලෑටි වලින්වීමයි.

දත්තවලට අනුව මෙම ගම්මානයේ වර්ග අඩි 6,000 ක පමණ ප්‍රමාණක ප්‍රදේශයක නිවාස 290ක් තිබේ.

ප්‍රදේශවාසීන් එම නිවාස හඳුන්වන්නේ මුහුදු පැලෑටි බංගලා, මුහුදු පාසි නිවාස හෝ කෙල්ප් නිවාස ලෙසිනි.

මේ නිවාස බොහොමයක් දැකගත හැක්කේ නැගෙනහිර චීනයේ ෂැංඩොංග් පලාතේ වෙයිහායි (Weihai), යැන්ටායි (Yantai) හා චිංඩාඕ (Qingdao) මුහුදුබඩ තීරයේය.

තොරතුරුවලට අනුව වසර 200කට වැඩි ඉතිහාසයක් ඇති මුහුදු පැලෑටි බංගලා 50කට වැඩි ප්‍රමාණයක් වෙයිහායි හි ඇතැයි කියවේ.

මුහුදු පැලෑටි බංගලා චින් රාජවංශය (ක්‍රි.පූ. 221-ක්‍රි.පූ. 207) දක්වා විහිදෙන අතර ඒවා සාමාන්‍ය නිවාස බවට පත්ව ඇත්තේ යුඇන් රාජවංශ (1271-1368) සමයේදීය.

2006 දී, මුහුදු පැලෑටි නිවාසවල ගෘහ නිර්මාණ ශිල්පය ෂැන්ඩොං පළාතේ සංස්කෘතික උරුම ලැයිස්තුවට එක් කර තිබේ.

කෙසේවුවද, මේවන විට මේ නිවාස සංචාරකයන් ආකර්ශනය කර ගැනීමට ෂැන්ඩොං පළාත් ප්‍රධානීන් කදිම ලෙස කටයුතු යොදාගෙන ඇත.

අදවන විට එහි මෙවැනි නිවාස සංචාරක බංගලා ලෙස නිර්මාණය කර තිබේ.

එවැනි සංචාරක නිවාස සංකීර්ණයක් වෙයිහායි හි රොංච'න් හුවාෂිං හෝටලය (Rongcheng Huaxing Hotel) ආසන්නයේ පිහිටා තිබේ.

එම සංකීර්ණය තුළ නිවාස 7ක් පමණ ඇති අතර එහි එක් දිනක් නවාතැන් ගැනීමට යුඇන් 6,800ක් ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ තුනහමාරකට වැඩි මුදලක්) වැය වේ.

එහි ඇති එවැනි එක් මුහුදු පැලෑටි බංගලාවක ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

(සටහන හා ඡායාරූප : කැළුම් ශිවන්ත ෂැන්ඩොං සිට)

01

02

03

04

05

06 07

08

09

10

11

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top