Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
හිල්ඩා ක්ලේටන් විසින් සිය අවසන් මොහොතේදී ගනු ලැබූ ඡායාරූපය හිල්ඩා ක්ලේටන් විසින් සිය අවසන් මොහොතේදී ගනු ලැබූ ඡායාරූපය
May 05, 2017

මරු වෙත යද්දී ගත් සේයාරුව

පිපිරීමකට හසුව මරණයට පත් ඇමරිකානු හමුදාවේ ඡායාරූප ශිල්පිනියක විසින් අවසන් මොහොතේ ගනු ලැබූ ඡායාරූපයක් ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කළේය.

2013 වසරේ ජූලි 02 වෙනිදා පැවති පුහුණු අභ්‍යාසයක් අතරතුර පුපුරා ගිය මෝටාර් උණ්ඩයකට හසුව විසි දෙහැවිරිදි හිල්ඩා ක්ලේටන් සහ ඇෆ්ගනිස්තාන හමුදා සෙබළු සිව් දෙනෙකු මරුමුවට පත් විය.

හිල්ඩා ක්ලේටන් යටතේ ඡායාරූප මාධ්‍යකරණය පිළිබඳ පුහුණුව ලැබූ මරුමුවට පත් සෙසු පුද්ගලයන් අතර සිටි ඇෆ්ගනිස්තාන සෙබළෙකු විසින් ගනු ලැබූ ඡායාරූපයක් ද ඇමරිකානු හමුදාව ප්‍රකාශයට පත් කර තිබේ.

අනතුර සිදු වූයේ ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර පිහිටි ලග්මන් පළාතේදීය.

ක්ලේටන් පවුලේ අවසරය මත අදාළ ඡායාරූප ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

හිල්ඩා ක්ලේටන් නමින් සම්මානයක්

 95894704 clayton blast one

හිල්ඩා ක්ලේටන් යටතේ පුහුණුව ලැබූ ඇෆ්ගනිස්තාන හමුදා සෙබළා විසින් ගනු ලැබූ ඡායාරූපය

 95894549 hilda clayton

හිල්ඩා ක්ලේටන්

හිල්ඩා ක්ලේටන්ට ගෞරවයක් වශයෙන් ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඇයගේ නමින් ඡායාරූප සම්මානයක් නම් කරනු ලැබීය.

'හිල්ඩා ක්ලේටන්' හොඳම සටන් ඡායාරූප ශිල්පියා සම්මානයට සුදුසුකම් ලැබීම සඳහා හමුදා ඡායාරූප ශිල්පීන් දින පහක ශාරීරික සහ තාක්ෂණික පරීක්ෂණයකින් සමත් විය යුතුය.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top