නිව්යෝක් යනු ඇමෙරිකාවේ ප්රධානම නගරයක් වුවත්, ඇතැම් විට දී එහි වීථි වල දසුන් ඒකාකාරී විය හැක. මෙම ඒකාකාරීබව මැඬලීමට නිව්යෝක් හි මල් අලංකරණ ශිල්පියෙකු හට අපූරු අදහසක් පහළ වී තිබේ.
ඔහු ලුවිස් මිලර් ය. මේ සඳහා ඔහු යොදාගන්නේ ඉවතලන මල් ය.
පසුගිය මාසය කිහිපය පුරාවටම නිව්යෝක් හි මැන්හැටන් ප්රදේශයේ විවිධ ස්ථාන වල අලංකාර මල් සැරසිලි දක්නට ලැබී ඇති අතර, මේවා වැඩිවශයෙන් දක්නට ලැබී ඇත්තේ කසළ බඳුන්, පදිකවේදිකා, ප්රතිමා හා නගරයේ ප්රසිද්ධ ස්ථාන වලයි.
සිය වෙබ් අඩවියේ සටහනක් යොදමින් ලුවිස් මේ බව අදහස් දක්වා ඇත්තේ මෙසේය.
“නිව්යෝක් නගරවාසීන් ට මල් තෑගි කිරීම වසර ගණනාවක් පුරාවට මාගේ සිතෙහි තිබුණි සිහිනයක්. ඒ වෙනුවෙන් මා බලාපොරොත්තු වූයේ සිනහවක් පමණි. මාගේ අරමුණ වූයේ එයයි. මල් යොදාගනිමින් හැඟීම්බර ප්රතිචාරයක් ලැබීම මගේ අරමුණයි.”
මෙම නිර්මාණ එකතුව ඔහු විසින් නම් කර ඇත්තේ ‘ෆ්ලවර් ෆ්ලෑෂර්ස්’ (Flower Flashes) ලෙසයි. මෙම නිර්මාණ එකිනෙකට වෙනස් වන අතර, විශාලතම නිර්මාණයකට යොදාගන්නා මල් මිලර් ගේ සමාගමේ සේවාදායකයයෙකු වෙනුවෙන් යොදාගත්තේ නම් එයට ඇමෙරිකානු ඩොලර් 10,000කට වැඩි මුදලක් වැයවනු ඇත.
‘වරක් උත්සවයක් සඳහා භාවිතා කළ මල් යොදාගැනීමට අප පුළුවන්තරම් උත්සහ කරනවා. එමගින් නගරවාසීන් සතුටු කරන අතරම එලෙස භාවිතා කළ මල් වලට ද යළි ජීවිතයක් ලබාදීමටත් අප කටයුතු කරනවා,” යැයි ලුවිස් වැඩිදුරටත් පවසයි.
(ඡායා : බෝර්ඩ් පැන්ඩා)