May 31, 2017

වෙඩිසිංහ යතුරුපැදි පෙරහැරකින් නිවසට (වීඩියෝ/ඡායා)

යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ මහතාගේ දේහය කුරුණෑගල වැවරවුමේ පිහිටි ඔහුගේ නිවසේ මේවන විට තැන්පත්කර තිබේ.
දේහය ඊයේ (30) නිවසවෙත ගෙනඑනු ලැබුවේ යතුරුපැදි පෙරහැරකිනි.
 
වෙඩිසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (01දා) පස්වරු 4.30 ට කුරුණෑගල මල්කඩුවාව පොදු සුසාන භූමියේදි සිදු කෙරේ.
 
පසුගිය අප්‍රේල් 24 වැනිදා නුවරඑළිය මාර්ග ධාවන මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය අතුරතුරදී අනතුරකට ලක්ව සති 5කට ආසන්න කාලයක් මහනුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට පෙරේදා ඔහු මියගියේය.
 
අනතුරෙන් ඔහුගේ කොඳුඇට පෙළට සහ හිසට දැඩි ලෙස හානි වී තිබූ බව පැවසේ.
 
 
 
 
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top