Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jun 03, 2017

මෙහෙමත් වෙඩිං කේක්!

අද කාලයේ මංගල උත්සවයකදී මංගල කේක් ගෙඩියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.මංගල කේක් ගෙඩියට වුවමනාවටත් වඩා වැඩි වියදමක් දැරීමට සිදුවන අවස්ථා ද බොහොමයකි.

සුවිශේෂී කලා නිර්මාණ වුවත්,මෙම මංගල කේක් ගෙඩි ද එවැනි අධික වියදමක් දැරීමට සිදුවූ ඒවා ය.

ස්ටයිරෆෝම්, ෆොන්ඩන්ට් අයිසිං හා අයිසිං මල් දහස්ගණනකින් නිර්මාණය කර ඇති මෙම අපූරු මංගල කේක් ඉන්දුනීසියාවේ නොවෙල් කේක් නම් සමාගමක් විසින් නිෂ්පාදනය කරනු ලබයි.

රිකී රියාඩි හා සුසන්ති විසින් පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ මෙය, මේ වන විට ප්‍රසිද්ධ මංගල කේක් ගෙඩි සඳහා දැවැන්ත ප්‍රසිද්ධියක් උසුලයි.

සුරංගනා කතා වල දක්නට ලැබෙන රජමාළිගා, තට්ටු නවයකින් යුත් ජපත් පැගෝඩා, මල් වලින් සැරසුනු අපූරු පල්ලි වැනි ආකෘති අනුව සැකසුනු මෙම නිර්මාණ වලට කුඩා බල්බ් වල ආධාරයෙන් ආලෝකය ලබාදී තිබේ.

විශාල ප්‍රමාණයේ කේක් නිර්මාණයක් අවසන් කිරීමට සති තුනක් - මාසයක් අතර කාලයක් ගතවන බවත්, එක්වරකදී එක් නිර්මාණයක් සඳහා පුද්ගලයන් 15 දෙනෙකු පමණ යොදවනු ඇති බව පැවසේ.

නොවෙල් කේක් සමාගම විසින් මේ දක්වා සැපයූ අසීරුතම හා විශාලතම නිර්මාණය සිදුකිරීමට දින 32ක් පුරාවට පැය 9,000ක් ගතවූ බවත් එය ප්‍රවාහනය කිරීමට ට්‍රක්රථ 5ක් අවශ්‍ය වූ බවත් එහි අයිතිකරුවන් පවසයි.

මෙහි නිර්මාණ වල මිලගණන් ආරම්භ වන්නේ පවුම් 4,000කිනි. දියමන්ති මුදු 100ක් සහිත ව සිදුකළ කේක් නිර්මාණයක් පවුම් 400,000කට අලෙවි වී තිබේ.

(ඩේලිමේල්)

wedingcake1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top