Jun 20, 2017

පෝද්දල ජයන්ත මහින්දට එරෙහිව CID යට !

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ දී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් බරපතළ ලෙස පහර දීම ගැන  විමර්ශනයක් ඉල්ලා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා අද (20දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා තවත් මාධ්‍ය සංවිධාන කිහිපයක් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සිය පැමිණිල්ල ඉදිරිපත් කොට තිබේ.

වසර 2009  ජූනි මාසයේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන ගොස් අත පය කඩා මහ මඟ දමා ගොස් සිටිය දී රෝහල් ගත කැරුණු ජයන්ත මහතා පසුව රට හැර ගොස් සිටියේය.

සබැඳි පුවත්

පෝද්දල පැහැරගෙන යාමේ පරීක්ෂණය යට ගැසීමේ සුදානමක් !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top