Nov 11, 2016

රවීගේ කියවිල්ලට හිරුණිකා දොයි !

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඊයේ (10) වසර 2017 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සිදු කළ අවස්ථාවේදී පාර්ලිමේන්තු සභාගර්භයේ සිටි බොහෝදෙනෙකු නිදි කිරා වැටෙනු රූපවාහිනී සජීවී විකාශය ඔස්සේද දැක ගැනීමට හැකි විය.

එසේ නිදි කිරා වැටුණු මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන්ගේ ඡායාරූප අද පුවත්පත්වලද පලවී තිබිණි.

කෙසේවුවද, ඒ අතර ඇමතිවරින් නොසිටියද මන්ත්‍රීවරියක්වන හිරුණිකාගේ ඡායාරූපයක් සමාජ ගතව තිබේ.

එසේ අයවැය ඉදිරිපත් කරද්දී නිදි කිරා වැටුණු කිහිපදෙනෙකුගේ ඡායාරූප පහත දැක්වේ.

කරුණානායක මහතා පැය 3ක කාලයක් අයවැය කියවීම සිදු කළේය.

ඡායාරූප - දර්ශන මනමේන්ද්‍ර

VatParliment1 600px 16 11 11

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top