Pasidol
Sathosa Ad Final Sinhala
Jul 18, 2017

තල්මස් නින්ද

යෝධ තල්මසුන් නිදගන්නවාද? එය අප එකවර නොසිතන කරුණක් වුවත් එම පැණය ඇසූ විට එය සැමට ගැටලුවක් වේ.

මෙම පැණයට පිළිතුරක් ලෙස ෆ්‍රැන්කො බැන්ෆි (Franco Banfi) යන මුහුදු පතුල් ගවේෂණ ජායාරූප ශිල්පියා අති දුර්ලභ ජායාරූප එකතුවක් අන්තර්ජාලයට එක් කර තිබේ. ඔහු මෙම ජායාරූප ලබාගෙන ඇත්තේ ඩොමිනිකා දූපත ආසන්නව කැරිබියන් මුහුදෙහි ය.

ඔහුගේ කැමරා කාචයට හසුවී ඇත්තේ ලොව ගැඹුරුම කිමිදෙන ක්ෂීරපායි සත්ත්වයා ලෙස හැඳින්වෙන ස්පර්ම් විශේෂයට අයත් තල්මසුන් රෑනකි.

පිහිනීම නතර කර එකවර සිරස් අතට නොසොල්මන්ව සිටින මෙම සතුන් සිය කැමරා කාචයේ සටහන් කරගැනීමට ෆ්‍රැන්කෝ සමත් වී තිබේ.

විද්‍යාඥයන් විසින් මෙම හැසිරීම මුල්වරට සොයාගෙන තිබුණේ ‍2008 දී ය. ඒ, බ්‍රිතාන්‍යයේ හා ජපානයේ ජීව විද්‍යාඥයින් පිරිසකට මෙලෙස නින්දේ පසුවූ ස්පර්ම් තල්මසුන් රූනක් හමුවීමෙන් අනතුරුවයි.

වැඩිදුර අධ්‍යයන කටයුතු වලින් හෙළිදරව් වී ඇත්තේ මෙම සතුන් සිය ජීවිතයේ 7%ක් මෙලෙස නින්දේ පසුවන බවත්, එක නින්දක් විනාඩි 6 -24 තරම් කෙටි බවත් ය.

(ඡායා : බෝර්ඩ් පැන්ඩා)

sperm whales sleep franco banfi 1 5968931cbc01f 700

sperm whales sleep franco banfi 2 5968931f1da2a 700

sperm whales sleep franco banfi 3 59689321047ea 700

sperm whales sleep franco banfi 4 59689322e5dd4 700

sperm whales sleep franco banfi 5968a2e809fcc 700

sperm whales sleep franco banfi 5968a3c263e2c 700

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top