Jul 26, 2017

රනිල්ට කේක් කවා මෛත්‍රී කළ ප්‍රාර්ථනය (ඡායා)

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (25දා) කැබිනට් මණ්ඩල රැස්වීමේදී කේක් ගෙඩියක්  කපා එය සමරා ඇත. 

අගමැතිවරයාට කේක් කෑල්ලක් කවමින් සුබ පතා ඇති අතර තවත් දිගු කලක් රට වෙනුවෙන් දේශපාලනය කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවායි ද ජනාධිපතිවරයා එහිදී ප්‍රාර්ථනා කොට ඇත.

ජනපති ඇතුළු කැබිනට් සාමාජික සාමාජිකාවන්ද රැසක්ද මෙම අවස්ථාවට එක්විය.

එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූප පහත දැක්වේ.

 

Ranil40 1 670px 26 07 17

 

Ranil40 670px 26 07 17

 

Ranil40 3 670px 26 07 17

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top