Pasidol
Sathosa Ad Final Sinhala
Sep 18, 2017

සුන්බුන් අතර සිරව සිටි තරුණයා මුදාගනී (update)

අහංගම කඩාවැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටි තරුණයා මුදාගෙන තිබේ.

අහංගම පොලීසිය, හමුදාව සහ ගිනි  නිවන ඒකකය එක්ව බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් සුන්බුන් ඉවත් කිරීමෙන් අනතුරුව ඔහු ආරක්ෂිතව මුදාගත් බව පොලීසිය පැවසුවේය.

ප්‍රතිකාර සඳහා එම තරුණයා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.

--------------------------------------------------------------------------------------------------------------------------------------------

ගොඩනැගිල්ලක් කඩා වැටී 6 කට තුවාලයි

අහංගම නගරයේ කතළුව ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා  ඇතැයි අහංගම පොලීසිය පවසයි.

මීට සුළු  වේලාවකට පෙර මෙම ගොඩනැගිල්ල කඩාවැටී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින්  මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

නව ඉදිකිරීමක් වන මෙම ගොඩනැගිල්ල තට්ටු පහකින් සමන්විත වන අතර එහි සුන්බුන් අතර 15 දෙනෙකු පමණ සිරවී සිටිනු ඇති බව පැවසේ.

මේ වන විට එම පුද්ගලයින් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Kathaluwabuilding 1

Kathaluwabuilding 2

Kathaluwabuilding 4

Kathaluwabuilding 5

Kathaluwabuilding 7

Kathaluwabuilding 8

Kathaluwabuilding 10

Kathaluwabuilding 11

Kathaluwabuilding 12

Kathaluwabuilding 13

Kathaluwabuilding 14

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top