මේන් කූන් විශේෂයට අයත් මෙම දැවැන්ත බළලා ගේ වලිගය අඟල් 18.4 ක් වන අතර, (වලිගය අග මවිල් සමග අඟල් 24ක්) ජීවතුන් අතර සිටින ගෘහස්ථ බළලුන් අතරින් දීර්ඝම වලිගය සහිත බළලාට හිමි වන වත්මන් ගිනස් වාර්තාව ද හිමිව ඇත්තේ ඔහුටයි.
පවර්ස් පවුලට අයත් තවත් බළලෙකු ද ගිනස් වාර්තා තැබුවෙකි.
ආක්ටරස් නැමැති මෙම බළලා ගිනස් වාර්තාව තබා ඇත්තේ උසින් වැඩිම ගෘහස්ථ බළලා ලෙසයි. අඟල් 19.05 ක් උසැති ඔහු ගේ බර රාත්තල් 30කි.
(ඡායා : බෝර්ඩ් පැන්ඩා)