ජර්මන් ජාතික රීටා ක්ලූගර් එම අපූරු අත්දැකීම කිහිප වරක්ම මැනවින් විඳගත් ඡායාරූප ශිල්පිණියෙකි.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි වී සිටින ඇය, 2015 වසරදී වැඩි කාලයක් ගත කර ඇත්තේ ටහිටි හා ටොංගා දූපත් ආශ්රිත ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන්, ඩොල්ෆින් සතුන්, මෝරන් හා කැස්බෑවන් සමග පිහිනමිනි.
පහත දැක්වෙන්නේ හම්ප්බැක් විශේෂයට අයත් තල්මසුන් සමග ටොංගා වෙරළතීරයට ආසන්නව කාලය ගත කළ අවස්ථාවේදී ඇය විසින් ගත් අපූරු ඡායාරූප පෙළකි.
රීටා පවසන්නේ ඇයට මෙලෙස හමුවූ සෑම තල්මසාම එකිනෙකට වෙනස් බවයි.
(ඩේලිමේල්)