Nov 07, 2017

තෙල් ප්‍රශ්න අස්සේ බෝතල් ප්‍රශ්නයක් (ඡායා)

බෝතල් සඳහා ඉන්ධන නිකුත් කිරීම තහනම් කරමින් නිකුත් කර ඇති චක්‍ර ලේඛයට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විරෝධය පල කරයි.

මේ වන විට ඉන්ධන නොමැති වීම හේතුවෙන් වාහන මග නතර වී ඇති බවත් එවන් අවස්ථාවක මෙවන් චක්‍ර ලේඛයක් නිකුත් කිරීම තුළින් ජනතාව මහත් අපහසුතාවට පත්වන බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පැවසීය.

Screen Shot 2017 11 06 at 1.54.38 PM

ජනාධිපතිවරයා විසින් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නියෝග කරනු ලැබූ දෙයක් මෙලෙස සිමා කන්නේ කෙසේ දැයි එම සංගමය ප්‍රශ්න කරයි.

මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවෙන බවත් මේ සම්බන්ධයෙන් තම සංගමයේ බලවත් විරෝධය දක්වා සිටින බව නිවේදනක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කර සිටියි.

ඡායා- සුනෙත් ගාල්ලගේ

OIlproublem1

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top