Dec 04, 2017

ගැහෙන හීතලේ නටන නැටුම්! (ඡායා)

රිටි නැටුම් නොහොත් පෝල් ඩාන්ස් යනු මෙරටට තරමක අමුතු දෙයක් වුවත්, එය බොහෝ රට වල ජනප්‍රිය නර්තන කලාවකි.

මෙම නර්තන ශිල්පීන් සාමාන්‍යයෙන් සැරසෙන්නේ කෙටි ඇඳුම් වලින් වන අතර, මේ වන විට උදාවී ඇති සීත සමයේදී පවා එවැනි ඇඳුමෙන් සැරසී එළිමහනේ පෝල් නර්තනයේ යෙදුනු නර්තන ශිල්පීන් පිරිසක් පිළිබඳව චීනයෙන් වාර්තා වේ.

ඒ, මධ්‍යම චීනයේ හෙනාන් පළාතේ ලියෝයැං ප්‍රදේශයේ හිම මත ලිස්සා යාම හෙවත් ස්කීං (Ski) ක්‍රීඩාවේ නිරත වන ප්‍රදේශයෙනි.

එම නර්තනවේදීන්ගේ මෙම දසුන් විදෙස් මාධ්‍යවේදීන්ගේ කැමරා කාච වල සටහන් වී තිබුණේ මෙලෙසිනි.

(ඡායා : චයිනා ඩේලි ට්විටර් පිටුවෙනි)

Poledancepic 670px 04 12 17

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top