සාම්ප්‍රදායික බෙර වාදන මධ්‍යයේ කොළඹ මහ නගර සභා ක්‍රීඩාංගණයට පිවිසි චීන ජාතික මනාල යුවල 50 පිළිගනු ලැබුවේ ජය මංගල ගාථා ගායනා කරමිනි.
අනතුරුව චාරිත්‍රානුකූලව පෝරුව චාරිත්‍ර ඉටු කෙරුණි.
මනාල මනාලියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උඩරට ක්‍රමයට සැරසී සිටි අතර තවත් පිරිසක් චීන සාම්ප්‍රදායික ඇඳුමෙන් ද තවත් පිරිසක් යුරෝපීය ඇඳුම්වලින් ද සැරසී සිටියහ.
නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු දෙරට නියෝජනය වන සංස්කෘතිකාංග රැසක් ද උත්සවයට ඇතුළත් කර තිබුණි.
මෙහි නැටුම් නිර්මාණ ඇතුළු සංස්කෘතික අංග නිර්මාණය කරනු ලැබ තිබුණේ ප්‍රවීන නර්තන ආචාර්ය වරියක් වන රැජිණි සෙල්වනායගම් මහත්මිය විසිනි.
ඇගේ නර්තන පාසලෙහි අධ්‍යපානය ලබන දූදරුවන් මෙහි නර්තන අංග හා ජය මංගල ගාථා ගායනා කරීම සිදු කෙරුනි.
මෙම මනාල මනාලියන් පිරිස කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරක වශයෙන් වැදගත් ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතය.
විවාහ දිවියට එළඹි යුවල වෙනුවෙන් විවාහ සහතිකපත් පිරිනැමුණේ පාඨලී චම්පික රණවක, ජෝන් අමරතුංග, රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් හා මෙරට චීන තානාපති යී ෂියෑන්ලිංන්ංග් මහතා විසිනි.
ශ්රීන්ලිව්ස් පුද්ගලික ආයතනය හා මහා නගර සභා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විවාහ මංගල උත්සවය සංවිධාන කළේය.
මෙරට සංචාරක කේෂේත්රය ජාත්‍යන්තරයේ ප්‍රචලිත කිරීම, චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය ශක්තිමත් කිරීමත් මෙම විවාහ මංගලෝත්සවයේ අරමුණ විය.