Jan 13, 2018

තෛපොංගල් කටමුල, මැටි මුට්ටිනෑ කඩපළේ (ඡායා)

මැටි මුට්ටියක කිරි උතුරවා දෙවියන් උදෙසා කිරි බත් පිසීම වෙනුවට ඇලූමිනියම් මුට්ටි යොදාගෙන කිරි උතුරවා තෛපොංගල් සමරන ආකාරයක් වර්තමානයේ දමිළ ජනයා අතර සමාජ ගතව තිබේ.

තෛපොංගල් සැමරීම වෙනුවෙන් නව මුට්ටි මිලදී ගැනීම දමිළ ජනයාගේ සාමාන්‍ය සිරිතය.

කෙසේවුවද, මේ සඳහා උතුරේ සෑම නගරයකම ජනයා යුහුසුළු වුවද, මීට දශක කිහිපියකට පෙර මෙන් වර්තමානයේ මැටි මුට්ටි ගෙන එය සැමරීම පසෙකට තල්ලු වී ඒ වෙනුවට ඇලූමිනියම් මුට්ටි ලබාගන්නා ආකාරය දැන් සුලභ දසුනක්ව තිබේ.

නෙළා ගත් අස්වැන්න යොදා ගනිමින් සූර්ය දෙවියන් උදෙසා පූජාවන් පැවැත්වීමට හින්දු බැතිමතුන් තෛපොංගල් දිනය සැමරීමෙන් සිදු කරයි.

කෘෂිකාර්මික ජිවිතය හා බැඳුන හින්දු ජනතාව තම අස්වනු සරු කර ගැනීම උදෙසා උපකාර කළ සූර්ය දෙවියන් උදෙසා කෘතෙවිදීත්වය දැක්වීම වෙනුවෙන් නෙළා ගත් අස්වැන්න යොදා ගනිමින් නැවුමි මුටිටියක, හකුරු හා නැවුමි එළකිරි යොදා කිරි ඉතිරවීම තෛපොංගල් දිනයේදි සිදු කරනු ලබන චාරිත්‍ර අතර ප්‍රධාන වේ.

සෞභාග්‍ය සංකේතවත් කරමින් තෛපොංගල් දිනය සැමරීම සිදු කරනු ලබති.

මාධව කුලසූරිය - වවුනියාව වාර්තාකරු

Thaipongal1

Thaipongal2

Thaipongal3

Thaipongal4

Thaipongal5

Thaipongal7

Thaipongal8

Thaipongal9

Thaipongal10

Thaipongal11

Thaipongal12

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top