Jan 15, 2018

පිඹුරෙක් වසු පැටියකු පණපිටින් ගිල්ල හැටි (ඡායා)

වසු පැටියකු ගිල දමා සිටි අඩි 11ක් පමණ දිගැති පිඹුරෙකු කලමැටිය වනජීවී නිලධාරීන් විසින් නිරුපද්‍රිතව අල්ලා ගැනීමට සමත්ව තිබේ.

ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව එම පිඹුරා අල්ලා ගත් වනජීවී නිලධාරීන් එම සතා භූන්දල ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතු කර ඇත.

රන්න කහදමෝදර කිල්ල වටවන පදිංචිකරුවකුට අයත් වසු පැටියකු මේ පිඹුරා විසින් ගිල දමා ඇත.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මේ සම්බන්දව හුංගම කලමැටිය වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබිණි.

කළහ, කලමැටිය වනජීවී කාර්යාලයේ අඩවි සහකාර එල්.ටී ධම්මික, වනසත්ව නියාමක ඒ.එච්.එම්.පී.යු අබේරත්න හා රියදුරු ආර්.එම්.පී.ටී අලහකෝන් යන නිලධාරීන් විසින් මෙලෙස පිඹුර අල්ලා භූන්දල රක්ෂිතයට මුදාහැරීමට කටයුතු කර තිබිණි.

python calf 1

python calf 2

python calf 3

python calf 4

python calf 5

අජිත් පුෂ්පකුමාර - අම්බලන්තොට වාර්තාකරු

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top