තවත් අසිරිමත් අත්දැකීමක් ශ්‍රී ලාංකික ජනතාවට විවර කරමින් පසුගිය දා ඉතා උත්සවශ්‍රීයෙන් පැවැති ‘හවුස් ඔෆ් ලක්ස්’ හිදී මෙම නව නිෂ්පාදන පෙළ මෙන්ම සමස්ත ලක්ස් නිෂ්පාදන පරාසයම සජීවී අත්දැකීමක් ලෙස ඉදිරිපත් කෙරිණි.
දශක ගණනාවක් පුරා සෑම ශ්‍රී ලාංකික කාන්තාවකගේම හද දිනූ ලක්ස් නූතන කාන්තාවන්ගේ දිනෙන් දින වෙනස් වන සියුම් හා සංකීර්ණ සිතැඟි හඳුනාගනිමින් ඔවුන් නිරතුරු සමරමින් සෑම නිවෙසක් පාසා ප්‍රචලිතව සිටී. කොළඹ පුරවරයේ ජනහද දිනූ තාරකාවන්, සම්භාවනීය අමුත්තන් හා ඛමං ලෝලීන් පිරිවරාගත්‘හවුස් ඔෆ් ලක්ස්’ – 2018 හිදී මෙම නව ‘ලක්ස් පර්ෆියුම්ඩ් බාර් කලෙක්ෂන්’ එළිදැක්වුණේ ශ්‍රී ලාංකික කතුන්ගේ එදිනෙදා ජීවිතයට සුවඳවත් අත්දැකීමක් එක්කරන්නට ගත් ඛමං හි අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
වෙනත් කිසිවකට සමකළ නොහැකි උත්කර්ෂවත් සුවඳවත් අත්දැකීමක් වන ‘හවුස් ඔෆ් ලක්ස්’ 2018 පැවැත්වුණේ ජනවාරි 16 වැනිදා ෂැන්ග්‍රි-ලා හෝටලයේ සුවිසල් බෝල්රූම් ශාලාවේදීය. ඒ ඒ සුවඳ සඳහා වෙන්කොට තිබූ කලාප 4ක් සමග මුළු පරිසරයම සුවඳ හා සම්බන්ධ නැවුම් අත්දැකීම් ගෙන දෙන්නට සමත් අපූර්ව දර්ශනීය වටාපිටාවකට පරිවර්තනය වී තිබිණි. ආරාධිතයන්ට ඒ ඒ කලාපයන් තුලදී එම සුවඳ වර්ග අත්හදා බලා තම සිතැඟි හා අනන්‍යතාවයට හොඳින්ම ගැලපෙන සුවඳ තෝරා ගනිමින් මෙතෙක් අත් නොවිඳි සරාගී සුවඳවත් අත්දැකීමක් ලබන්නට එහිදී අවස්ථාව සලසා තිබිණි.
”සෑම කාන්තාවක් තුළම ඇති ඔවුන්ටම ආවේණිකවූ අනන්‍යතාව හා ශක්තිය ලක්ස් සමරන්නේ ඒ වෙතින් පමණක්ම පිරිනැමෙන ලොව අනර්ඝතම සුවඳ වර්ග සමගින්. ඛමං සමග මොහොතින් මොහොත ඉහළ නැංවෙන ඇගේ ජීවන රටාව හා ලාලිත්‍යය හෙට දිනයේදීත් ඉන් ඔබ්බටත් තව තවත් ඔප් නැංවෙනු ඇති බව සිහිගන්වන්නට ඛමං හැමවිටම සූදානම්.”යුනිලීවර් හි සම පවිත්‍රකරණ හා බිළිඳු නිෂ්පාදන අංශ ප්‍රධානී දිනූෂ ඒකනායක මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසීය.
කලක් මුළුල්ලේ ලොව අනර්ඝතම සුවඳ වර්ග ශ්‍රී ලාංකික කාන්තාවන්ට පිරිනැමූ ෆයින් ෆ්‍රේග්‍රන්ස් ලක්ස් සෑම කාන්තාවක්ම සතු තමාටම ආවේණික වූ සොඳුරු සුගන්ධය පිළිබඳව ඇය දැනුවත් කරමින් ඈ තුළ ආත්ම විශ්වාසය වඩවමින් ඇය දිරිගන්වන්නට බලගන්වන්නට නිරතුරු ඇපකැප විය. ”කාන්තාවකගේ සමේ ස්වාභාවික සුවඳ සමග ඇයට වඩාත්ම ගැලපෙන සුගන්ධය මුසුකර තමාට පමණක්ම ආවේණික වූ නවතම සුවඳක් නිර්මාණය කරමින්, තම සුන්දරත්වයේ සැබෑ මානයන් හඳුනාගන්නට ෆයින් ෆ්‍රේග්‍රන්ස් ලක්ස් ඇයට අවස්ථාව දෙනවා. එය, ලක්ස් සමගින් ඇය අත්කරගන්නා ඇගේ සැබෑ අනන්‍යතාවයේ ශක්තියයි.” ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.
”ලොව අනර්ඝතම සුවඳ විලවුන් සුගන්ධයෙන් සජීවී වූ සුවිසල් අත්දැකීමකට අප ඔබව සාදරයෙන් පිළිගන්නවා.” යුනිලීවර් හි පුද්ගලික සත්කාරක නිෂ්පාදන අංශයේ අලෙවි අධ්යක්ෂ ෂර්මිලා බණ්ඩාර මහත්මිය සිය අදහස් දැක්වීය. ”නූතන කාන්තාව නිරන්තරයෙන්ම ඇයගේ ලාලිත්‍යය හැකි උපරිමයෙන් විදහා පෑම ගැන බොහෝ සැලිකිලිමත්. කාන්තා සුන්දරත්වය සම්බන්ධයෙන් ලොව පුරා වැඩිම වශයෙන් පිළිගැනීමට පාත්‍ර වූ වෙළෙඳ නාමය බවට ලක්ස් පත්ව සිටින්නේ ඒ නිසයි. වසර 75ක් පුරා ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ විශ්වාසය දිනූ ලක්ස් ලොව වටා පාහේ සෑම රටකම කාන්තාවන් සමග පරපුරෙන් පරපුරට බැඳී සිටිනවා. අද රාත්‍රිය, ලොව අනර්ඝතම ෆයින් ෆ්‍රේග්‍රන්ස් අත්දැකීමකට අපව ගෙන යන, කාන්තාවන්ගේ දෛනික ජීවිතයට සුවඳ හරහා එක්කරගත හැකි අපූරු සුන්දරත්වය හා ආත්ම විශ්වාසය ගැන සෑම කාන්තාවකටම පෙන්වා දෙන රාත්‍රියක්. සුවඳ විලවුන් යනු එදිනෙදා ඔබ ගල්වන සුවඳකින් ඔබ්බට ඔබ ගෙන යන, ඔබේ සැබෑම අනන්‍යතාව හඳුනාගන්නට ඔබව යොමු කරවන යමක් බව අද ඔබට වැටහේවි. රුව ඔප් නැංවීමට පමණක් නොවෙයි, ඔබේ ඇතුළාන්තයෙන්ම ඔබේ අනන්‍යතාව ද සවිබල ගන්වන්නට හැකිවීම ඛමං සතු සැබෑම ශක්තියයි.”
”වෙළෙඳපොලේ ඇති වෙනත් සබන් වර්ග මෙන්ම සාමාන්‍ය ලක්ස් නිෂ්පාදනවලට වඩා නව ලක්ස් පර්ෆියුම්ඩ් බාර් කලෙක්ෂන් ඉහළින් සිටිනවා. මෙම විශේෂ නිෂ්පාදන පෙළ සඳහා ලොව උසස්ම තත්වයේ විලවුන් වර්ග හා අමුද්‍රව්‍ය මෙන්ම ඉහළම තාක්ෂණයත් යොදාගැනීම ඊට හේතුවයි. යුනිලීවර් සමාගම මෙම නිෂ්පාදන පෙළ සඳහා ලොකු පිරිවැයක් දරනවා. ඒත් එය වෙළෙඳපොළට ඉදිරිපත් කර තිබෙන්නේ සාමාන්‍ය ලක්ස් සබන්වලට වඩා මදක් ඉහළ මිලකට පමණයි. ඒත් එහි දිගුකල් පවතින අසමසම සුගන්ධයත් සමග ඔබ මෙතෙක් අත්නොවිඳි නවතම අත්දැකීමක් එය ඔබට ගෙනෙන බව නිසැකයි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට ඒ අත්දැකීම ලබාදෙන්නට හැකිවීමම අප ලැබූ ජයග්‍රහණයක්,” යැයි යුනිලීවර් හි ලක්ස් සන්නාම කළමනාකරු ඉනුර ජයසූරිය මහතා පැවසීය.
”වෙළෙඳපොළේ පවතින අනෙක් සියලූම සබන් වර්ගවලට වඩා ලක්ස් වල ඇති විශේෂත්වය වන්නේ ඔබට පෙර නොවූ විරූ සුගන්ධවත් අත්දැකීමක් ගෙනදීම සඳහා ලොව ඉහළම පෙළේ සුවඳ විලවුන් නිෂ්පාදකයින් හා විශේෂඥයින් සමග එක්ව සිටින එකම වෙළෙඳ නාමය එය වීමයි. උසස්ම ප්රමිතීන් යටතේ විශේෂඥයින් අතින් ඉතා සියුම් අන්දමින් එම නිෂ්පාදන පෙළ නිමවෙන්නේ, කාන්තාවන් වෙනුවෙන් අපේ පොරොන්දුව වන සිය ලාලිත්‍යය පුබුදුවන ෆයින් ෆ්‍රේග්‍රන්ස් අත්දැකීමක් සෑම ශ්‍රී ලාංකික කාන්තාවකටම ලබාදීම සඳහාමයි,” ජයසූරිය මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.
ලක්ස් පර්ෆියුම්ඩ් බාර් කලෙක්ෂන් ඔබ අතට පත්වන්නේ සුවිශේෂී සුවඳ වර්ග තුනකින්. ප්‍රංශ මැග්නෝලියා සුවඳ සමග අනර්ඝ කශ්මීර් වුඩ් සුවඳ මුසුකර ඇති චාමින් මැග්නෝලියා, සරාගී ඊජිප්තු රෝස හා කස්තුරි වැනිලා සුවඳ මුසුකර ඇති හිප්නොටික් රෝස් සහ ජැපනීස් ගාඩිනියා මල් සුවඳ සමග සීඩර්වුඩ් ඔයිල් සුවඳ මුසුකර ඇති එලිගන්ට් ගාඩිනියා එම සුවඳ වර්ග තුනයි. වෙළෙඳපොලේ තිබෙන අනෙකුත් ඉහළ පෙළේ සබන් වර්ගවලට වඩා ලක්ස් පර්ෆියුම්ඩ් බාර් කලෙක්ෂන් සුවිශේෂී වන්නේ ලාංකික වෙළෙඳපොලේ ඇති පර්ෆියුම්ඩ් බාර් වර්ගයේ පළමු හා එකම සබන් නිෂ්පාදනය එය වීමත් ලොව පුරාම මෙතෙක් යුනිලීවර් සමාගම වෙතින් ඉදිරිපත් කර ඇති ප්‍රතිඵල අතින් ප්රත්යක්ෂතම නිෂ්පාදනය එය වීමත් නිසයි,” ඉනුර ජයසූරිය මහතා පැවසීය.
‘හවුස් ඔෆ් ලක්ස්’ හිදී මැජිකල් ස්පෙල් නිෂ්පාදයේ අඩංගු විරල බ්ලැක් ඕකිඩ් සුගන්ධය ද සජීවීව අත්හදා බලන්නට ඉඩ සලසා තිබිණි. ජුනිපර් ඔයිල් සාරය ද කැටිකොට යුනිලීවර් සමාගමේ සුවිශේෂී තාක්ෂණය ද සමග ශ්‍රී ලාංකික කාන්තාවන්ට පැය 8ක් පුරා පවතින සුගන්ධවත් අත්දැකීමක් ගෙන දෙන්නට ද මේ නිෂ්පාදනය සමත්. ”සැබැවින්ම මේ නිෂ්පාදනය ඔබේ සම පුබුදුවාලීම සඳහා වන ක්ෂණිකතම සත්කාරයයි,” යැයි ජයසූරිය මහතා පැවසීය. ”වර්තමානයේදී බොඩි වොෂ් සඳහා ඇති වෙළෙඳපොල විශේෂයෙන්ම දකුණු පෙරදිග ආසියාවේ සහ යුරෝපයේ ඉතා සීඝ්රයෙන් වර්ධනය වෙමින් තිබෙනවා. දකුණු පෙරදිග ආසියාවේ එය 70% වන අතර යුරෝපයේ 90% ක්. නිෂ්පාදන නව්‍යතා හා නව අත්දැකීම් ලබාදීම හේතුවෙන් පාරිභෝගික ආකර්ෂණය පහසුවෙන්ම දිනාගැනීම නිසා වසර තුන හතරක් තුළදී සබන් වල සිට බොඩි වොෂ් වෙත විතැන් වන ඉල්ලූම හරහා ඒ සඳහා ඇති වෙළෙඳපොළ හරි අඩකින් පමණ වැඩි වනු ඇති බව මගේ විශ්වාසයයි.”
ඉතා සැලකිල්ලෙන් තෝරාගත් ෆයින් ෆ්‍රේග්‍රන්ස් වර්ග මුසුකොට සුවිශේෂී අන්දමින් නිපදවන, ලක්ස් පාරිභෝගිකයින්ගේ හද නිරන්තරයෙන් ඇදබැඳගත් මෙන්ම නව පාරිභෝගිකයින්ද ආකර්ෂණය කරගන්නා සොෆ්ට් ටච් සහ සිල්ක් සෙන්සේෂන් නිෂ්පාදන ‘හවුස් ඔෆ් ලක්ස්’ හිදී අමතක කොට තිබුණේ නැත. ඒ ඒ සුගන්ධයන් වෙනුවෙන්ම වෙන් වූ සුවඳ කලාප තුළදී සැබැවින්ම අනෙක් විධ ලක්ස් සුගන්ධයන්ගෙන් නැහැවෙන්නට පැමිණි සියල්ලන්ටම ඉඩ සලසා තිබුණේ අසමසම අත්දැකීමකට දොරගුලූ හරිමිනි.
ලක්ස් පාරිභෝගිකයින්ට සිය දිවියේ ප්‍රථම වතාවට ලොව අනර්ඝතම විලවුන් දකින්නට, ආඝ්‍රාණය කරන්නට, අත්හදා බලන්නට පමණක් නොව අවසානයේ සියලූ සිත් ආශ්චර්යයෙන් හා ප්‍රීතියෙන් පුරවාලන්නට සමත් වූ සොඳුරුතම උත්සවාංකයක් ලෙසින් ‘හවුස් ඔෆ් ලක්ස්’ මැනැවින් සංවිධානය කොට තිබිණි.
”ශ්‍රී ලංකාව තුළ වසර 75ක් පුරා කීර්තිය දිනූ ලක්ස් සැමවිටම නවමු හා කැපී පෙනෙන දෑ සමගින් සාර්ථක ගමනක් යා හැකි බව ප්රත්යක්ෂ කොට පෙන්වා දී තිබෙනවා. 75 වසරක් සපුරාලමින් පාරිභෝගික හදවත් තුළ ඔවුන්ට උසස්ම දේ පිරිනමන සබන් වෙළෙඳනාමය ලෙසින් රැඳී සිටින්නට අප සමත් වී තිබෙනවා. නව්‍යතාවන් බිහිකරමින් නැවුම් උද්යෝගයක් පාරිභෝගික සිත් තුළ පවත්වා ගනිමින්, ක්ෂේත්රය තුළ ආලෝකමත්ව දැල්වෙන වෙළෙඳනාමයක් ලෙස එය සිය ගමන ඉදිරියටම ගෙන යනු ඇති” යුනිලීවර් ශ්‍රී ලංකා හි මාධ්‍ය හා ක්‍රියාකාරකම් ප්‍රධානී චන්න තෙන්නකෝන් මහතා පැවසීය.
(ඡායා : ශානිකා ජයසේකර)











