OPEN

#

OPEN

#

Dec 02, 2016

බස් නැති දිනේ බස්වල ඇති විනේ

පෞද්ගලික බස් සංගම් කිහිපයක් විසින් අද (02) අළුයම සිට ආරම්භ කරන ලද පෞද්ගලික බස් වැඩ වර්ජනය හේතුවෙන් දිවයින පුරා මගී ප්‍රවාහනය අඩාල විය.

කෙසේ වෙතත්, මාර්ග වැරදි සඳහා දඩ මුදල් වැඩි කිරීමට විරෝධය පල කරමින් බස් වර්ජනයක් සිදුවන මෙවැනි දිනක මාර්ග නීති අකුරටම පිළිපදින ලංගම බස්රථ පෙළක් ඇතුළත් ඡායාරූපයක් මේ වන විට සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ පැතිරෙමින් පවතී.

ෆේස්බුක් වෙබ්අඩවියට මෙම ඡායාරූපය එකතු කර ඇති ජෙහාන් ඇලෝසියස් මහතා ඊට සටහනක් යොදා තිබුනේ ගාලු පාරේ මෙලෙස විනයානුකූලව බස් ගමන් කරන අයුරු තමා වසර 10ක කාලයක් පුරාවට නොදුටු බවයි.

(ඡායාරූපය : ජෙහාන් ඇලෝසියස් මහතා ගේ ෆේස්බුක් ගිණුමෙන්)

traficnew

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top