Sathosa

Jan 30, 2018

දර්ශනගේ පොත් එළිදකී (ඡායා)

මාධ්‍යවේදී හා විශ්ව විද්‍යාල ආචාර්ය දර්ශන අශෝක කුමාර මහතා ගේ නව කෘති ද්විත්වයේ එළිදැකීම පසුගිය 26දා කොළඹදී පැවැත්වුණි.

මෙසේ එළිදක්වනු ලැබුවේ කව් සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් හා Asian Perspectives in Communication යන කෘති ද්විත්වයයි. ගොඩගේ ප්‍රකාශන වන මෙම ග්‍රන්ථ මේ වන විට කොළඹ ප්‍රධාන පෙළේ පොත්හල් වලින් ලබාගත හැක.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ මනෝවිද්‍යාව අධ්‍යනාංශයේ හිටපු ප්‍රධානී මහාචාර්ය ඩෙන්මන්ඩ් මල්ලිකාරච්චි මහතා විසින් මුලසුන හෙබවූ මෙම අවස්ථාවේදී මහාචාර්ය වෝල්ටර් මාරසිංහ, ජේ‍යෂ්ට කථිකාචාර්ය සුමිත් චාමින්ද හා හෂිත අබේවර්ධන යන මහතුන් විසින් දේශන පැවැත්වීය.

කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් නම් කෘතිය තුළින් කව්සිළුමිණ නම් කෘතිය රචනා වන දඹදෙණිය යුගය තුළ සහ ඉන් පෙර මෙරට පැවති දේශපාලන, සමාජ සහ සංස්කෘතික තත්ත්වය පිළිබඳ හැදෑරීමක් වෙයි. කව්සිළුමිණ කෙරෙහි එම තත්ත්වයන් දෘෂ්ටිවාදී ලෙස බලපෑවේ කෙසේද යන්න ප්‍රතිගවේෂණය කිරීමක් මෙමඟින් සිදු වෙයි.

Asian Perspectives in Communication නම් කෘතිය තුළ දර්ශන මූලික වශයෙන් ශ්‍රී ලංකාවට සහ ආසියාකරයට හොඳින් භාවිත කළ හැකි සන්නිවේදන ආකෘතියක් පිළිබද පර්යේෂණයක නිරත වෙයි. එහි දී බුදු දහම, තාඕ දහම, හින්දු දහම ආදී දර්ශනයනගෙන් ආභාශය ලබා ගෙන තිබේ.

මෙම උත්සවයේ සොඳුරු අවස්ථා කිහිපයකි මේ.

Darshana8

Darshana9

Darshana12

Darshana1

Darshana2

Darshana3

Darshana7

Darshana5

Darshana6

Darshana10

Darshana11

Darshana13

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top