Feb 01, 2018

'සුපිරි නීල රුහිරු සඳ' පායයි (ඡායා)

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ඊයේ (31දා) රාත්‍රියේ චන්ද්‍රයා ආශ්‍රිතව දුර්ලභ සංසිද්ධි තුනක් එක විට දර්ශනය විය.

මෙම සුවිශේෂී සිද්ධිය 'සුපිරි නීල රුහිරු සඳ' (super blue blood Moon) නමින් හැඳින්විණි.

මසක් ඇතුළත දර්ශනය වන දෙවන පුර හඳ සාමාන්‍යයෙන් 'නීල චන්ද්‍රයා (Blue Moon)' ලෙස හැදින්වේ. එමෙන්ම පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අවස්ථාවක සඳ රතු පැහැයෙන් දිස්වීම 'ලෝහිත චන්ද්‍රයා' නැතහොත් 'රුහිරු සඳ (Blood Moon)' ලෙසත්, චන්ද්‍රයා තම කක්ෂයේ පොළොවට ආසන්න අවස්ථාවකට පැමිණ විශාලව පෙනීම 'සුපිරි සඳක් (Super Moon)' ලෙසත් හඳුන්වනු ලබයි.

මෙවැනි අවස්ථාවක් යළිත් පෘථිවියට දිස්වන්නේ 2037දී ය.

ලොව පුරා රටවල් වලට මෙම 'සුපිරි නීල රුහිරු සඳ' දිස්වූයේ මෙසේය.

image1

ජෙරුසලම් නගරයට ඔබ්බෙන් බැස යන සුපිරි නීල රුහිරු සඳ (Menahem Kahana—AFP/Getty Images)

image2

නැගෙනහිර රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයට පෑයූ සුපිරි නීල රුහිරු සඳ (Yuri Smityuk—Yuri Smityuk/TASS)

image3

සුපිරි නීල රුහිරු සඳෙහි ඡායාරූප ගන්නා ඕස්ට්‍රේලියාවේ ලැන්සලින් නුවර වැසියන් (Paul Kane—Getty Images)

image4

ප්යොන්චැන් හි 2018 ශීත ඍතු ඔලිම්පික් තරගාවලියට පෙර ඔලිම්පික් වළලු සමග (Richard Heathcote—Getty Images)

image5

මැසිඩෝනියානු ජනරජයේ දේවස්ථානයක ගේට්ටුවක සවි කර ඇති කුරුසියක් පසුපසින් දිලෙන සුපිරි නීල රුහිරු සඳ (Georgi Licovski/EPA)

image6

තුර්කියේ සෙලිමියෙ පල්ලියට ඔබ්බෙන් නැගෙන සුපිරි නීල රුහිරු සඳ (Anadolu Agency/Getty Images)

image7

ස්වාල්බාඩ්, නෝර්වේ (Heiko Junge/EPA)

image8

ලන්ඩන් අහස්තලයේ පෑයූ සුපිරි නීල රුහිරු සඳ (AP)

image9

මියන්මාරයේ උප්පකසාන්ති පැගෝඩාව පසුපසින් නැගෙන සඳ (Aung Shine Oo/AP)

image10

ඇලස්කාවේ සුසිට්නා කන්ද ඔබ්බෙන් බැස යන සඳ (Dan Joling/AP)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top