මේ බව දකුණු කොරියාවේ පුවත් ඒජන්සිය විසින් ප්රකාශයට පත් කර ඇත.
මෙය, ශීත ඍතු පැරා ඔලිම්පික් තරගාවලියක් සඳහා උතුරු කොරියාව සහභාගී වන පළමු වතාවයි.
උතුරු හා දකුණු කොරියානු බලධාරීන් අතර ඇති වූ තවත් සාකච්ඡා වටයකදී මෙය තීන්දු වී තිබේ.
මාර්තු 09-18 දක්වා දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ශීත ඍතු පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත ක්රීඩකයන් දෙදෙනෙකු පමණි. ඔවුන් හිම මත ලිස්සා යන Skiing ක්රීඩකයන් දෙදෙනෙකි.
කෙසේවෙතත්, චියර්ලීඩර්ස් හා සහය කාර්ය මණ්ඩලය ඇතුළු 150 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම තරගාවලිය සඳහා සහභාගී කරවන බව උතුරු කොරියාව සඳහන් කර තිබේ.
පසුගිය දිනවල පැවති ශීත ඍතු ඔලිම්පික් තරගාවලියට ද උතුරු කොරියාව සහභාගී වූ අතර, උතුරු හා දකුණු කොරියානුවන් එක ධජයක් යටතේ එම තරගාවලියට සහභාගී වීම විශේෂත්වයක් විය.