මේ සම්බන්ධයෙන් පසුගිය 23දා විද්‍යුත් තැපැල් පණිවිඩ මගින් විනිසුරුවරුවන් ව දැනුවත් කර තිබුණු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් හා ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් විනිසුරුවරුන් රැසක් මීට විරෝධය පළ කර තිබුණි.
කෙසේවෙතත්, යළිත් විද්‍යුත් තැපැල් පණිවිඩයක් යොමුකරමින් විනිසුරු අධ්‍යාපන කළමනාකරු ටිරෝන් විජේවර්ධන මහතා පවසා තිබුණේ හෙට දිනයේ පැවැත්වීමට නියමිත නිදහස් කුසලානයේ වැඩකටයුතු හේතුවෙන් මෙම විභාගය මාර්තු 26 දිනට කල් තැබීමට විනිසුරුවන්ගේ කමිටුව තීරණය කළ බවයි.
මෙම විභාගය පැවැත්වෙන වේලාව හා ස්ථානය පසුව දැනුම්දෙන බවත්, මේ හා සම්බන්ධ වැඩමුළු පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඒ සඳහා සහභාගී වන ලෙසත් එම පණිවිඩයේ දැක්වේ.
සබැඳි පුවත් :