Sathosa

Mar 07, 2018

කුසල්ගේ මල් වර්ෂාවෙන් ලංකාවට කඩුලු 5ක ජයක් !

නිදහස් කුසලානයේ පළමු තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06) සමත් විය. 

ඒ අනුව ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාව පිට පිට ලැබූ 07 වැනි පරාජය වලක්වා ගැනීමට ද සමත් විය.
 
ඉන්දීය කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදෙමින් කඩුලු පහක් දැවී ලකුණු 174ක් ලබා ගත් අතර,  පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 18.3කදී කඩුලු 5ක් දැවී ලකුණු 175ක් ලබා ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
 
ආර්. ප්‍රේමදාස පිටියේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාගේ පන්දු 37කින් ලබාගත් ලකුණු 66 තරග ජයග්‍රහණයට විශාල පිටුවහලක් විය. 
 
ඉනිමේ අවසන් භාගයේ තිසර පෙරේරා දියත් කළ ප්‍රහාරාත්මක ඉනිමද තරග ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් විය.
 
එසේම මෙය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විස්සයි - 20 තරගයක හොඳම හඹායාම වන අතර, මීට පෙර 2015 වසරේ පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 173ක ඉලක්කයක් හඹාගොස් ජය ගෙන තිබේ. 
 
ශ්‍රී ලංකාව විස්සයි - 20 තරගයක පවර්ප්ලේ (පන්දුවාර 06) අවස්ථාවේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද මේ තරගයේදී වාර්තා කිරීම විශේෂිතය.
 
ඉන්දියාවට එරෙහිව විස්සයි - 20 තරගයක පවර්ප්ලේ අවස්තාවේදී ලොව ඕනෑම කණ්ඩායමක් ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙය වේ.
 
ආර්. ප්‍රේමදාස පිටියේ ශ්‍රී ලංකාව පන්දුවාර විස්සයි - 20 තරග 12ක් පරාජයට පත්ව ඇති අතර, මේ තගරගයත් සමග ජයගෙන ඇති තරග ගණන 03කි.
 
නිදහස් කුසලානයේ දෙවැනි තරගය එළැඹෙන 08 වැනිදා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top