පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19 ක් අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 152 ක් ලබාගත් අතර ඉන්දීය පිල පන්දුවාර 17.3 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 153 ක් ලබාගැනීමට සමත් විය.
මෙම තරඟය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් දෙපිලටම හිමිවූ පන්දුවාර සංඛ්‍යාව 19 කි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 38කදී ලකුණු 55ක් රැස් කරගත් අතර ඔහුගේ ඉනිමට හයේ 3 පහර ක් සහ හතරේ පහර 3 ක් ඇතුලත් විය.පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුලු 2 ක් බිඳහෙලීය.
මෙම තුන්කොන් 20 යි 20 තරගාවලියේ ඉන්දියාව තරග දෙකක් ජයග්‍රහණය කර ඇති අතර ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් තරගය බැගින් ජයගෙන තිබේ.
තරඟාවලියේ මීළග තරඟය ලබන බ්‍රහස්පතින්දා (15 දා) ඉන්දියාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එහිදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි.
මෙවර තරඟ පරාජයට හේතුව පන්දු යැවීමේ දුර්වලතාවය බව විචාරක මතය වී ඇත. මේ අතර සුපිරි වේගපන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග මෙම තරඟයට එක් නොකිරීම සම්බන්ධයෙන්ද කතාබහක් ඇතිවී තිබේ.