Dec 07, 2016

කිත්තා යළි ක්‍රිකට් පිටියට Featured

රාත්‍රී සමාජ ශාලාවකදී ගැටුමක් ඇතිකරගත්තේ යැයි යන චෝදනාවට වසරක ක්‍රිකට් තහනමක් පනවා තිබූ ක්‍රිකට් ක්‍රීඩක කිත්රුවන් විතානගේට දේශීය තරගවලට සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ.

කිත්රුවන්ගේ තහනම පසුගිය ජූනි මස 26 වැනිදා සිට ලබන වසරේ (2017) ජූනි මස 26 වැනිදා දක්වා බලපැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කිසිදු තරගයකට සහභාගි විය නොහැකි ලෙස මෙම තහනම මීට පෙර පනවා තිබුණි.

කිත්රුවන්ට ජුනි 26 වෙනකන් ජාතික කණ්ඩායමේ ක්‍රිකට් බෑ

කෙසේ වෙතත් කිත්රුවන්ට ලබන වසරේ ජූනි මස 26 වැනිදා දක්වා ජාතික කණ්ඩායම නියෝජනය කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කිත්රුවන් කළ ඉල්ලීමක් සළකා බලා ඔහුට දේශීය තරගවලට සහභාගි වීමේ අවස්ථාව ලබාදුන් බව පැවසේ.

ද්‍රවිඩ සංගම් පිල නියෝජනය කරන කිත්රුවන් පසුගිය සති අන්තයේ පැවැති පළමු තරගයේදී එස්.එස්.සී. පිලට එරෙහිව ලකුණු 125 ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා දේශීය පළමු පෙළ තරගාවලියේ ඉහළතම ඉනිමට හිමිකම් කියන කිත්රුවන් ටෙස්ට් තරග 10 කදී සහ එක්දින තරග 6 කදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ.

සබැදි පුවත්

මිරර් හෙළිදරව්වෙන් කිත්රුවන්ට රමිතට වැඩවරදියි !

කිත්රුවන් ආයිත් ලෙඩක් දාගෙන : රමිතත් කොණකට ගෑවිලා

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top