Mar 13, 2018

ලොව හොඳම ක්‍රීඩක කළමනාකරණ පද්ධතිය ලංකාවේ Featured

ජාතික කණ්ඩායමෙහි දස්කම් ඔප්නංවා 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා ඔවුන් සූදානම් කිරීම සඳහා ශ්‍රී‍ ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල ස්පාඤ්ඤයේ බාර්සිලෝනා පාපන්දු සමාජය ද භාවිතයට ගන්නා මෘදුකාංගයක සහාය ලබාගෙන ඇතැයි ‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

ක්‍රීඩකයින් කළමනාකරණය කිරීම සඳහා බාසිලෝනා පිල භාවිතයට ගන්නා ‘විමු ප්‍රො’ නමැති මෘදුකාංගය ගැලපෙන අයුරින් සකසා ගැනීම සඳහා ක්‍රිකට් ආයතනය වසරක කාලයක් සූදානම් වූ බව එහි සභාපතිවරයා කියා සිටී.

එසේම, ආයතනය විසින් සැලසුම් කළ ක්‍රීඩා විශ්ලේෂක පද්ධතියක් ද යොදා ගනු ඇත.

ඒ අනුව, ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලොව තිබෙන වඩාත්ම වැඩිදියුණු කළ ක්‍රීඩක කළමනාකරණ පද්ධතිය තමන් සතුව ඇති බව තිලංග සුමතිපාල කියා සිටී.

ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි සිල්වා පවසන්නේ, මෙම තාක්ෂණය වැඩිදියුණු කිරීමට හා 2019 ලෝක කුසලානය දිනා ගැනීමට අතිවිශාල ආයෝජනයක් සිදු කර ඇති බවයි.

එක් වරකට ක්‍රීඩකයින් 40 දෙනෙකු සඳහා යොදාගත හැකි අදාළ ක්‍රීඩක කළමනාකරණ පද්ධතිය සඳහා ආයතනය ඩොලර් 75,000ක ගෙවීමක් කර ඇති අතර, එහි දායකත්වය හා නඩත්තුව සඳහා තවත් ඩොලර් 20,000ක් බැගින් වාර්ෂිකව වැය කරනු ඇත.

මෙහි උපකාරයෙන් වඩාත් හොඳ තීරණ ගතහැකි බව කණ්ඩායමේ කාර්යසාධන කළමනාකරු සයිමන් විලිස් කියා සිටී.

ඒ සඳහා, දැන් පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියේ සිට සෑම තරගයකදීම හා පුහුණු වීම්වලදී සෑම ක්‍රීඩකයෙකුම ජීපීඑස් උපාංගය බැගින් පැළඳ සිටිය යුතු වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top