ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 3 ක් දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 176කි.
එහිදී රෝහිත් ශර්මා පන්දු 61කදී ලකුණු 89ක් රැස්කළ අතර සුරේෂ් රයිනා පන්දු 30 කදී ලකුණු 47 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 159ක් ලබා ගත්තේය.
ඒ අනුව ඉන්දීය කණ්ඩායම අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබයි.