Sathosa

Mar 16, 2018

කාශ්මීර් කෙල්ලන්ට නාමල්ගේ රග්බි ගුරුකම් !

මේ වන විට සක්‍රීය දේශපාලඥයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, පාසැල් කාලයේදී ජනප්‍රිය රග්බි ක්‍රීඩකයෙකි.

තවමත් ඉතා දැඩි රග්බි ක්‍රීඩා රසිකයෙකු වන ඔහු, මේ වන විට ඉන්දියාවේ කාෂ්මීර් හි රග්බි ක්‍රීඩාවේ නියැලෙන දැරියන් පිරිසකට පුහුණු සහය ලබාදීමට ඉදිරිපත් වී ඇතැයි ‘ද හින්දු’ පුවත්සේවය සඳහන් කරයි.

කාෂ්මීර් හි රග්බි ක්‍රීඩාවේ නියැලෙන දැරියන් පිරිසක් පිළිබඳව ඉන්දියාවේ ‘වර්ල්ඩ් ඉස් වන් නිවුස්’ පුවත් සේවය විසින් පළ කළ වාර්තාවක් උපුටා දක්වමින් රාජපක්ෂ මහතා පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබුණේ ‘රගර් ක්‍රීඩාව සඳහා ඇති ආශාව වෙනුවෙන් සමාජීය සීමා මායිම් බිඳින්නන්’ යැයි සටහනක් තබමිනි.

Screen Shot 2018 03 16 at 12.26.42 PM

රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් ‘ද හින්දු’ වෙත අදහස් දක්වා තිබුණේ මෙලෙසිනි. “මා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රගර් පුහුණුකරු රොනී ඊබ්‍රහිම් සමගද කතා කළා. මෙම කණ්ඩායමට අපට ලබාදිය හැකි සහයක් ලබාදීමට අපට ඕන.”

මේ සම්බන්ධයෙන් ජම්මු කාෂ්මීර් මහඇමතිනි මෙහෙබූබා මුෆ්ති ගේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසින් ටිවිටර් පණිවිඩයක් ඔස්සේ රාජපක්ෂ මහතාට මේ සම්බන්ධයෙන් ස්තූතිය පළ කර තිබේ.

රාජපක්ෂ මහතා ජම්මු කාෂ්මීර් ප්‍රාන්ත ආණ්ඩුව සමග දිගින් දිගටම කටයුතු කරන බවත්, ඔහු ඇතුළු පුහුණුකරුවන් කිහිපදෙනෙකු මැයි මාසයේදී කාෂ්මීරයේ සංචාරයක නිරත වීමට නියමිත බවත් ඔහුගේ කාර්යාලයෙන් පැවසූ බව ‘ද හින්දු’ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top