Sathosa

Mar 18, 2018

ඉන්දියාව බංගලයින් මෙල්ල කරයි (ඡායා)

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි - 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ අවසන් පන්දුවේදී ලකුණු හයක් ලබාගනිමින් බංගලිදේශ පිල පරාජය කළ ඉන්දියාව එම ශූරතාව දිනා ගත්තේය.

DK හෙවත් දිනේෂ් කාර්තික් අවසන් පන්දුවේදී ලකුණු 5ක ඉලක්කය හයේ පහරකින් සටහන් කරමින් ඉන්දියාවට ජයග්‍රහණය තහවුරු කළේය.

අවසන් පන්දුවාර දෙකේදී ප්‍රවේගවත් ඉනිමක් ක්‍රීඩා කළ DK පන්දු 08 කදී ලකුණු 29ක් රැස්කළ අතර ඔහු පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන විට ඉන්දීය පිලට පන්දු 12කදී ලකුණු 34ක් රැස් කරගත යුතුව තිබිණි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8ට ලකුණු 166ක් රැස්කිරිමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඉන්දීය කණඩායම පන්දුවාර 19.5කදී කඩුලු පහක් දැවී ඉලක්කය පසුකර ගියේය.

තරගය නැරඹීමට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසක් ඉන්දීය පිලට සහය දැක්වීම තරගය පුරාම කැපී පෙනුන අතර තරගය ජයගත් ඉන්දීය පිලේ ක්‍රීඩකයන් තරගයෙන් අතතුරුව ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් දුන් සහයට ආචාරකරමින් ආර්. ප්‍රේමදාස පිටිය වටේ රවුමක්යාමද විශේෂ සිද්ධියකි.

ඡායාරූප - ශ්‍රී ලංකා ක්‍රිකට් ෆේස්බුක් පිටුවෙනි

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top