Dec 08, 2016

ක්‍රිකට් පිටියටත් රෙඩ් කාඩ්

ක්‍රිකට් පිටිය තුළ නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට එරෙහිව රතු කාඩ්පත් භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමට මාලිබෝන් ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුව නිර්දේශ තීරණය කර තිබේ.

විනිසුරුට තර්ජනය කිරීම, විනිසුරුවෙකුට, තවත් ක්‍රීඩකයෙකුට හෝ ප්‍රේක්ෂකයෙකුට ශාරීරිකව හිරිහැර කිරීම වැනි නොහික්මුණ ලෙස හැසිරෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ට රතු කාඩ්පතින් අවවාද ලබාදී ඔහුව පිටියෙන් ඉවත් කිරීමේ බලය පිටියේ විනිසුරුවන්ට හිමිවෙයි.

ලබන ඔක්තෝබර් මාසයේ පටන් මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මෙම නීතිය ජාත්‍යන්තර පිටියට ද බලපානු ඇතැයි ද වාර්තා වේ.

වර්තමානයේදී තරගයක් අවසන් වූ පසුව තරගයේදී සිදුවූ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විනිසුරුවන් විසින් තරග තීරකට පැමිණිලි කරන අතර ඉන් පසුව විනය ක්‍රියාමාර්ග ගැනීම සිදුවේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top