Mar 22, 2018

ක්‍රිකට් පරාජයට නායකයා වගකිව යුතුයි - දයාසිරි

ක්‍රිකට් තරඟ පරාජය වීම සම්බන්ධයෙන් කණ්ඩායම් නායකයා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ (21 දා ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ජය පරාජය දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු බව පවසන අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජිත කණ්ඩායමක් නොවන බව අවධාරණය කර සිටියේය.

තවද ක්‍රිකට් පරාජයන් දෙස දේශපාලනිකව නොබැලිය යුතු බවත් ක්‍රිකට් තරඟයක් පරාජය වීමට කණ්ඩායමේ නායකයා වගකිව යුතු සේ මැතිවරණයක් පරාජයක් වීම සම්බන්ධයෙන් පක්ෂයේ නායකයා වගකිව යුතු බවත් හෙතෙම කියා සිටියේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top