නිලවරණයට දින නියමකරගෙන ඇත්තේ පසුගියදා පැවැති විධායක කමිටු රැස්වීමේදී වන අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් සාමාජිකයන් දැනුවත් කර නැතැයි ද වාර්තා වේ.
දෙවසරක කාලයක් සඳහා තේරීපත්වූ ශ්රී ලංකා ක්රිකට් ආතනයේ නිල කාලය පසුගිය ජනවාරි 03 වැනිදා අවසන් වූ අතර වත්මන් පාලකයින් සාමාජික වරමක් ලබා ගනිමින් එය තවත් මාස හයක් දක්වා කල් දමා ගත්තේය.
ඒ අනුව එම නිලවරණය මැයි 20 වැනිදා පැවැත්වෙන විට වත්මන් පාලකයින් වසර 2 1/2 කට ආසන් කාලයක් අදාළ ධූර හොබවා තිබේ.
නාමයෝජනා භාර ගැනීම නිලවරණය පැවැත්වීමට සති 4කට පෙර ආරම්භ කිරීමට නියමිත අතර නාමයෝජනා භාර ලැනීම අවසන් කිරීම නිලවරණය පැවැත්වෙන දිනයට සති දෙකකට පෙර අවසන් වේ.
රජයේ ක්රීඩා රෙගුලාසි වලට අනුව ජාතික ක්රීඩා සංගම් මැයි මාසය අවසන්වීමට පෙර සිය සංගම්වල නිලවරණ පැවැත්විය යුතු වේ.
ඉකුත් නිලවරණයේදී ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතාව වත්මන් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ඡන්ද 32 කින් (88-56) පරාජයට පත් කළේය.
කෙසේවුවද, මේවන විට තිලංග සුමතිපාල මහතාගේ පාලනය සම්බන්ධයෙන් ජනතාව දැඩි ලෙස දෝශ දර්ශනයට ලක්කර තිබේ.
වත්මන් පරිපාලනයට දූෂණය, තරග පාවාදීම්, පුහුණු කාර්ය මණ්ඩලයේ ප්රධාන නිලධාරීන්ගේ ඉල්ලා අස්වීම, තේරීම් වලට බාධා කිරීම් සහ දැවැන්ත වියදම් පිළිබඳව චෝදනා ද එල්ලව තිබේ.