Mar 28, 2018

පන්දුව පළුදු කළ කැන්ගරුවන් ඕස්ට්‍රේලියාවට කැඳවයි

දකුණු අප්‍රිකාව සමඟ කේප් ටවුන් හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරඟයකදී පන්දුව පළුදු කිරීමේ සිද්ධිය හේතුවෙන් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඩේවිඩ් වෝනර් සහ පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් යළි එරටට කැඳවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේවෙතත්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී - ජේම්ස් සදර්ලන්ඩ් පවසා ඇත්තේ ප්‍රධාන පුහුණුකරු වන ඩැරන් ලෙහ්මන් මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බවත් ඔහු සිය ධූරයේ තවදුරටත් කටයුතු කරනු ඇති බවත් ය.

මෙම ටෙස්ට් තරගාවලියේ ඉතිරි තරග සඳහා ඔස්ට්‍රේලියානු නායකයා ලෙස කඩුලු රකින ක්‍රීඩක ටිම් පේන් පත් කර තිබේ.

ඉවත්කෙරුනු ක්‍රීඩකයන් තිදෙනා වෙනුවට සිකුරාදා දින ඇරඹෙන සිවුවැනි ටෙස්ට් තරගය සඳහා, මැතිව් රෙන්ෂෝ, ග්ලෙන් මැක්ස්වෙල් හා ජෝ බර්න්ස් දකුණු අප්‍රිකාවට යැවීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top