ඒ අනුව, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර ජොහැන්නස්බර්ග්හිදී අද (30 දා) ඇරඹෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් අනතුරුව ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිතය.
කෙසේවෙතත්, මීට පෙර වාර්තා වූයේ සිය ගිවිසුම් කාලය අවසන් වන තෙක් ලීමන් සිය ධූරයේ රැඳී සිටින බවයි. කෙසේවෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී හැඬුම්බරව අදහස් දැක්වූ ලීමන් සියල්ලන්ගෙන්ම යළිත් සමාව අයැද තිබේ.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඩැරන් මෙසේද පැවසීය :
"ඕස්ට්‍රේලියානු කණ්ඩායම පුහුණු කිරීමට ලැබීම මා ලද හොඳ අත්දැකීමක්. මෙම සිද්ධියෙන් කණ්ඩායම යළිත් නැඟී සිටිනු ඇතැයිද මේ තරුණ ක්‍රීඩකයන්ට ඕස්ට්‍රේලියානු සමාව දීමට ජනතාවට හැකිවනු ඇතැයි ද මා බලාපොරොත්තු වෙනවා… මේ සිද්ධියට සම්බන්ධ ක්‍රීඩකයන් හට දැඩි දඬුවම් ලබාදී තිබෙන අතර, සිය ක්‍රියාවන් වලට බරපතල ඵලවිපාක වලට මුහුණදීමට සිදුවන බව ඔවුන් ද දන්නවා. එහෙත් ඔවුන් නරක පුද්ගලයන් නෙමෙයි.”
(වීඩියෝ : ද ගාඩියන්)